විවාහක කාන්තාවක වූ තම අනියම් පෙම්වතිය මාඔයේ බෝට්ටු සවාරියකට කැඳවාගෙන යන මුවාවෙන් කැඳවාගෙන ගොස් පසු තම මිතුරන් දෙදෙනකු සමග එක්වී ඇය සමූහ දූෂණයට ලක්කළ බව කියන අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රුපියල් ලක්ෂ 6 බැගින් පිළිගත් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළාය.
දැඩි කොන්දේසි සහිතව මෙසේ ඇප නියම වූ සැකකරුවන් වූයේ කොච්චිකඩේ පදිංචිකරුවන් තිදෙනෙකි. මෙහි පළමු සැකකරු ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය චෝදනා ලබා බන්ධනාගාර ගතවී සිටින පුද්ගලයකුගේ බිරිඳ සමග කලක සිට අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත.
පසුගිය දිනෙක ප්‍රධාන සැකකරු තම අනියම් පෙම්වතියට මා ඔයේ බෝට්ටු සවාරියක් යැමට යෝජනා කර ඇති අතර බෝට්ටු සවාරියට අනියම් පෙම්වතා සමග ඔහුගේ මිතුරන් දෙදෙනකු ද සහභාගි වී ඇත.
බෝට්ටු සවාරියේදී අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සහ අනියම් පෙම්වතිය මත්පැන් පානය කර ඇත. පසුව අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සමග එක්වී එම කාන්තාව සමූහ දූෂණයකට ලක්කර ඇති බව පැමිණිල්ලේ සඳහන්වේ.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ කරුණු මත සැකකරුවන්ට ඇප නියම විය.
කොච්චිකඩේ පොලිසියේ පො. කො. (40290) රත්නසිරි කුමාර සහ සැරයන් (33544) ජයන්ත කරුණාරත්න යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

මාඔයේ බෝට්ටු සවාරි ගිය විවාහක අනියම් පෙම්වතියව මිතුරන් දෙදෙනෙකු සමග එක්ව පෙම්වතා සමූහ දූෂණය කරලා
More from GossipMore posts in Gossip »
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි
- මරණය පරදා ජීවිතය දිනූ හැටි – 11 හැවිරිදි දරුවා සහ බිළිඳා බේරාගත් සංවේදී මෙහෙයුම
- යතුරුපැදියේ වේගය වැඩි කිරීමට වැඩකෑලි දැමූ දහම්නෙත් අවසන් ගමන් යයි
- ඇදහිය නොහැකි මුදලකින් වාහන මිල ඉහළට
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න





