රුවන්වැලි මහ සෑය ආසන්නයේ ඇති විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබේ.
ඒ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළව තිබූ වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව යි.
මීට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යයේ පසුගිය දින කිහිපයේ සැරිසැරූ අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසු බලධාරීන්ට දැනුම්දී ඒවා ඉවත් කළ බව වාර්තා වේ.






