Press "Enter" to skip to content

“ඉතින් එයා අසමත්ද….? නෑ මට නම් එයා මහා ඉහලින් සමත්….” “ඒ හදවතේ තෙතමනය මට බර වැඩියි ලකුණු 122 ට වැඩිය….” ශිෂ්‍යත්ව කඩඉම ජයනොගත් පුතුට අම්මා ලියූ ආදරණීය සටහන….

පසුගියදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් වුණා. සුපුරුදු පරිදි විභාගයෙන් ජයගත් දක්ෂයන් ගැන සමාජ ජාලාවල විවිධ කතාබහ හුවමාරු වන විට මෙවර ශිෂ්‍යත්ව විභාග කඩඉමන් ජය ගැනීමට නොහැකි වුණු තම පුතුට මවක් ආදරණීය සටහනක් ලියා පළ කරලා තිබුණා.

ශිෂ්‍යත්ව විභාගය යනු ජීවිතේ එක් කඩඉමක් නොව එය හුදෙක් දැනුම පරික්ෂා කිරීමට පමණක් ඇති විභාගයක් පමණක් බවත් තමන්ගේ දරුවා මනුස්සකමින් වගේම ප්‍රායෝගිකත්වය අතින් ඊට වඩා ඉහළින් සිටින බවත් ඇය මේ සටහනේ සඳහන් කරලා තිබුණා.

“නර්සරි එකේ ඉදන් Grade 3 දක්වා ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය එයා දෙවසරක් වැනි කෙටි කාලයකින් අයනු ආයනුවලින් පටන්ගෙන සිංහල අකුරු හරි ලස්සනට ලියන්න පුරුදු වෙලා, අකුරෙන් අකුර ගැටගගහා කියවන්න පුරුදු වෙලා තමයි එයා මේ 122 ක් ලකුණු ලබා ගත්තේ…. ඉතින් එයා අසමත්ද….? නෑ මට නම් එයා මහා ඉහලින් සමත්….

අමතර පංති නොගිය, ලමා කාලය උපරිමයෙන් වින්ද ,සැහැලුවෙන් විභාගය ලීව එයා මට නම් සමත් දරුවෙක්…
මට අසනීපයක් උනවිට අක්ක එක්ක එකතුවී බතක් මාලුවක් හරි රසට උයන්න අක්කට වඩා රුසියා එයා තමයි මට විභාගය සමත් දරුවා…

එයා හදන තේ එකක් කෝපි එකක් හරි පදමට රසට බීවොත් කවුරු හරි දෙනවා ලකුණු 122 ට වැඩිය……
“අම්මේ අහවල් යාලුවා කන්න කැමතිම බත්ලු.. ඒත් අම්මෙ එයාට අම්මා ස්කෝලෙ එවන්නෙම බනිස් ,පාන් විතරමයි, අපි එයාට දෙමුද බත් ” දිනක් උදෑසන ශෝකී ස්වරයෙන් කීව ඒ හදවතේ තෙතමනය මට බර වැඩිය ලකුණු 122 ට වැඩිය……
ජීවිතේ කඩඉම මෙය නොවය, එය ජය ගන්න මගෙ පුතුට දිනක හැකිවණු ඇතිය…..

රේනු සේනානායක ….”

More from GossipMore posts in Gossip »