Press "Enter" to skip to content

උසාවියේදි හෙදියක් යකා නටලා.. අවසානයේ හෙදියට අධිකරණය දිපු නියෝගය… අධිකරණයට අපහාස කළ කෑගල්ල මහ රෝහලේ හෙදියකට අත් වූ ඉරණම..

විත්ති කූඩුවට නැගීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණ කටයුතුවලට බාධා කළ කෑගල්ල මහ රෝහලේ හෙදියක පෙබරවාරි 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වරකාපොළ මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාගනි ඊයේ (25 වැනිදා) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බණ්ඩාරනායක මාවතේ පදිංචි හේරත් මුදියන්සේලාගේ ස්වර්ණමාලී ප්‍රියදර්ශනී නමැත්තියය. නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ කෑගල්ල පොලිසිය මගින් ඇය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුව විභාගයට ගතහොත් තමන්ට අගතියක් වෙන බැවින් වෙනත් විනිසුරුවරයකු පත්කරන ලෙස මෙම සැකකාරිය කළ ඉල්ලීමකට අනුව වරකාපොළ මහෙස්ත්‍රාත්වරිය කෑගල්ල අධිකරණයට කැඳවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

නඩුව කැඳවු මොහොතේ අධිකරණ ශාලාවේ පෙනි සිටි සැකකාර හෙදිය විත්ති කුඩුවට නැගීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණ කටයුතුවලට බාධා කරන්නට වූ අතර අධිකරණය කෙතරම් අවවාද කළත් ඇය සිය ක්‍රියාවලිය නතර නොකළාය.

ඇයට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අරුණ

More from GossipMore posts in Gossip »