Press "Enter" to skip to content

බල්ලෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගිහින්.. අත්තිලව්වයි.. අවුරුදු 30ක පුද්ගලයෙක්ට අත්වුණ ඉරණම..

බල්ලෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගිය පුවතක් පසුගිය 21 වැනිදා වාර්තා වෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, දඩයම් කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයා ඔහුගේ ගිනි අවිය අනාරක්ෂිතව ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා රියදුරු අසුනේ වාඩි වී තිබෙනවා.

පසුව වෙඩි තැබීම සිදුකළ බල්ලා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි කන්සාස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කරන්නේ.

එම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් මරණය දඩයම් කිරීමට යාමේදී සිදුවන අනතුරක් බවට මූලික විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇති බවත් පොලිසිය පවසනවා.

More from GossipMore posts in Gossip »