Press "Enter" to skip to content

හවුස් ඔෆ් ෆැෂන් සේවකයින් සහ පාරිභෝගිකයින් අතර ගැටුමක්.. සිදුවීමෙන් පාරිභෝගිකයින් නොසතුටින්.. පොලිස් පරීක්ෂණ අරඹයි.. හවුස් ඔෆ් ෆැෂන් සිද්ධියේ ඇත්ත කතාව මෙන්න..

කොළඹ, බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ පසුගිය සෙනසුරාදා සවස සිදුවූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

එම නිමි ඇඳුම් වෙළඳසැලේ රථ ගාලේ සිය වාහනය නවතා ඇඳුම් මිළදී ගැනීමට පැමිණි පාරිභෝගික යුවලක් සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමෙන් පසුව නැවත ඉන් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී එහි රථ ගාලේ නවතා තිබු සිය වාහනය අවහිර වන ලෙස තවත් වාහනයක් නවතා ඇති බව දැක ඒ බව අසල සිටි ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබේ.

අවස්ථා කිහිපයකදී වාහනය ඉවත් කර ගන්නා ලෙසට අනෙක් වාහනයේ රියැදුරු දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියද එම වාහනය ඉවත් කර ගැනීම ප්‍රමාද වූ බව අදාළ යුවල පොලිසියට ප්‍රකාශ කර තිබේ.

ඇතිවූ ප්‍රමාදයත් සමග ඇඳුම් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයා සහ එම නිමි ඇඳුම් වෙළඳසැලේ සේවකයින් බහින්ස්බස්වීමක් ඇතිවී තිබෙන අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත් සිදුවීම ගැන විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කළේය.

සමාජ මාධ්‍ය තුල හුවමාරු වන එම ගැටුමේ වීඩියෝව පහත පළවේ.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්…

https://youtu.be/bi_gHn6kSzM
More from GossipMore posts in Gossip »