Press "Enter" to skip to content

අපි යමුද පොඩ්ඩක් නිස්කලංක තනියම ඉන්න පුළුවන් තැනකට.. අනේ එපා.. එපා.. මොකක්ද මේ කරන්න හදන්නේ.. අනියම් සුව සොයා යන්නන් ඉතාමත් ප්‍රවේසමෙන්..

වීදි ගණිකාවන් යොදවා ත්‍රිරෝද රථ නවත්වා පාළු ප්‍රදේශවලට රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා රථ රියදුරන් බියවද්දා කොල්ලකෑමේ නිරත වන සංවිධානාත්මක කල්ලියක සැකකරුවන් දෙදෙනකු (21) කටුබැද්ද රාහුල පාරේ දී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පැවසීය.

කුලී ගමන් සේවයට කියා රැගෙන ගොස් ත්‍රිරෝද රථ රියැදුරකු කොල්ලකෑමට යෑමේ දී ප්‍රදේශවාසින්ගේ ද මැදිහත්වීමෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

වීදි ගණිකාවන් යොදවා හයර්වලට ත්‍රිරෝද රථ රැගෙන ගොස් පාළු මාර්වල දී කොල්ල කන සිදුවීම් කිහිපයක් පිළිබඟඳ පැමිණිලි ලැබී තිබූ බව සඳහන් කරන පොලිසිය ඒ සඳහා විමර්ශන ආරම්භ කර තිබු බව පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අයිස් භාවිතයට ඇබ්බැහි වු වයස අවුරුදු 24, 23 පසුවන්නන් බව පොලිසිය පැවසීය.

මෙම සැකකරුවන් ලුනාව සුනාමි මහල් නිවාසවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

කොල්ලයට යොදාගත් පිහිය, කොල්ල කෑ ජංගම දුරකථනය සහ මුදල් පොලිස් බාරයට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම වැටලීම ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන් 46360 දිසානායක, පොලිස් කොස්ථාපල්වරුන් වන 7220 දිලංක 99626 බණ්ඩාර,101590 මධුවන්ත යන නිලධාරිහු සිදු කරති.

ශ්‍රී ජයවරධනපුර

තරංගා රුවන්පතිරණ

දිනමිණ

More from GossipMore posts in Gossip »