මිනිස්සු මේ ජොබ් එක කරන්නෙ
ආසාවෙන් නෙවෙයි.. සමහරු ඉන්නවා,
ආසාවෙන් ම ජොබ් එක කරනවා, ඒකටම ඇබ්බැහි
වෙච්ච මිනිස්සු… ඒකම ජීවිතේ කරගත්ත මිනිස්සු…
මේක ටිකක් විතර වෙනස් කතාවක්…
මිනිස්සු ආසයි හීනවලට.. ඒවා හැබෑ කරගන්න.
මේ ‘නගරසෝබනියන්’ කියලා පට්ට ගහන
වුනුන්ටත් හීන තියෙනවා.
හැබෑ කරගත්තා හෝ නැතුව ඒ තැන්වල
අමාරුවෙන් මේ අය හුස්ම ගනිමින් ඉන්නවා…
අහන්න වටින කතාවක් වුණත්,
මේ කතාව ටිකක්වත් ලස්සන නැති කතාවක්..
“මුලින්ම ස්පා කියලා හිතලා පත්තරේ දැන්වීමකින්
මෙතනට ආවේ. හැබැයි ඇත්තටම අපිට හිටපු මැඩම්
‘ගණිකා’ සීන් එකක් ගැන කිව්වෙ නෑ. එයා කිව්වෙ
කැමති නම් පුළුවන්. නැත්තම් ඕනි නෑ කියලයි.
ඒ කියන්නෙ එයා බල කිරීමක් කළේ නෑ…”
“හැබැයි ගොඩක් අයට වැඩි සල්ලියක් හම්බ කරගන්න
පුළුවන් කස්ටමර් කැමති දේ දුන්නොත් විතරයි..
අපි ක්‍රීම් එකක් ගාලා දෙන ආතල් එකට එහා
ගිය ආතල් එකක් අපි එයාට දෙන්න ඕනි.
ඒවාටත් පැකේජ් තියෙනවා. රුපියල් 2500 ඉඳන්
ඒවා පටන් ගන්නෙ…”
“අනිත් අය සල්ලි අතගාන විදිහ දැකලා මටත් ආස හිතුණා.
ඒ වැඩේට නෙවෙයි. සල්ලිවලට. ඒ වෙනකොට මගේ
අම්ම අසනීපෙන් හිටියේ. මල්ලි ඒලෙවල්. මම මේ
හැම සල්ලියක්ම යැව්වේ එයාලාට. එයාලා හිතන්
හිටියේ මම මැනේජර් පෝස්ට් එකක් කරනවා කියලා
ෆුඩ් සිටි එහේක…”
“මේකට එක එක විදිහේ උන් එනවා. භාගෙට භාගයක්ම
එන්නෙ බේබද්දෝ.. මට ඒ අතරින් මතක හිටින කෙනා
වුණේ එක කැම්පස එකක ප්‍රොපෙසර් කෙනෙක්.
ටිකක් වයසයි. හැබැයි හොඳයි. එයාට ඕනි වුණේ
මගේ ඔඩොක්කුවට වෙලා ඉන්න. තව අමුතු ආසාවක් තිබ්බා,
එයාගේ වයිෆ් විදිහට මට රඟපාන්න කිව්වා.
හරි අප්පරියයි… විකාරයි!! ඒත් මට ගාණක් එනවනේ..”
“මම ඉතින් රඟපානවා. එයාගේ වයිෆ් වගේ නයිටියක් ඇඳන්
එයා ආවම තුරුළු කරන්… කවන පොවන සීන් තමයි
තිබ්බේ. හැබැයි ඒ ප්‍රොෆෙසර් කවදාවත් මා එක්ක
ලිංගිකව එකතු වෙලා නැහැ. එයා ඒකට කැමති නෑ..”
“පස්සෙ තමා මම දැනගත්තෙ, එයා ගොඩක් ආදරේ
හොයන කෙනෙක්. එයාගේ වයිෆ් එයාගේ ම යාලුවෙක් එක්ක
සම්බන්ධකම් පවත්වනවා. ඒත් මෙයා වයිෆ්ව දාලා යන්නෙත්
නැතුව ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කිසිම ද්‍රෝහිකමක්වත්
නොකර මා එක්ක වුණත් එයා සීමාවක හිටියා..”
“ඒ කස්ටමර්ව නම් ජීවිතේට මට අමතක වෙන් නෑ..”






