නානුඔය පොලිස් වසමේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, වෑන් රථයේ ගමන් කළ 6 දෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියැදුරු ය.
පොලිසිය සඳහන් කළේ, මරණකරුවන් අතර අවුරුදු 13ක පිරිමි දරුවෙකු, අවුරුදු 26, 27 වයසවල පසුවන පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු, වයස අවුරුදු 8 සහ 12ක් වන ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 43ක කාන්තාවක සිටින බව ය.
ඔවුන් නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සිද්ධියෙන් තුවාල ලැබූ 53 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
ඊයේ (ජන. 20) සවස නානුඔය පොලිස් වසමේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ අධ්‍යාපන චාරිකාව නිරත වෙමින් සිටි කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක් රැගත් බස් රථයක් රියැදුරුට පාලන කරගත නොහැකිව හැටන් දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ වෑන් රථයක හා ත්‍රිරෝද රථයක ගැටී තිබිණි.
අනතුරුව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට ගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ සිදුවීම දැක්ක දෙමළ සහෝදරයක් මේ ආකාරයෙන් අදහස් දැක්වුවා…
මේ ඇක්සිඩන්ට එක වෙච්ච ඩොල්ෆ් වෑන් එකේ එකම පවුලේ කට්ටියක් ආවා.. බ්රේක් නැතිව ආපු බස් එකක් හැප්පුවා මේ වෑන් එක.. වෑන් එකක් ද කියලා හොයාගන්න බැරි තරමට මේක ලොරියක් වගේ වෙනස් වෙලා.. සිද්දිය වෙච්ච ස්පොට් එකේම වෑන් එකේ කට්ටිය මැරුණා..
වාර්තා වන අන්දමට මේ බස් රථය මුල සිටම වේගයෙන් ධාවනය කරලා තියෙනවා. ඇත්තටම මෙ විදිහට බස් රථය එළවන මොළයක් නැති රියදුරුට උපදෙස් දෙන්න එකම ගුරුවරයෙක් වත් බස් රථයේ හිටියේ නැද්ද.
කොළඹ තර්ස්ටන් වුනත්, පිටිසර දුප්පත් ගමක දරුවන් වුනත් දරුවන් දරුවන්ම තමයි ඒකේ කිසිම ගැටලුවක් නෑ. දරුවන් අරගෙන මෙවැනි චාරිකා යනකොට බස් රථයේ තත්ත්වය ගැන පොඩ්ඩක්වත් පරීක්ෂා කරන්න මොළයක් නැති මේ රියදුරු කොන්දොස්තර ඇතුළු හිමිකරුට දෙන දඩුවම මොකක්ද ?
අවසාන වශයෙන් බස් රථයේ දරුවකුගේ ජීවිතය නැති වුනොත් වගකියන්නේ කවුද ? කුමක්ද ගන්න පියවර ?
















