තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ සිද්ධියක් වාර්තා වනවා.
නාන කාමරයෙන් බිළිඳකු හඬන හඬක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර තිබෙනවා.
එහි දී සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව යි මව දැක තිබෙන්නේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන්නේ, තිස්සමහාරාම පොලිසිය යි.






