Press "Enter" to skip to content

රක්වාන කළඹපු අමුතු පාඩම

වසර හතරකට පසු සොයා ආ පෙම්වතිය නිවසෙ කාමරයක දමා ගනිමින් ඇය‌ගේ කොණ්ඩය කපා පලවා හැරී බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු රක්වාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණිය විසින් පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව රක්වාන පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්වාන මස්ඉඹුල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකි.

ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම තරුණිය 2018 වසරේදී උපකාර පන්ති ගුරුවරයා සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති අතර ඇය තම පෙම්වතා සමගින් ගොඩකවෙල නගරයේ පිහිටි හෝටල් කාමරවලට පවා ගිය බව පැමිණිල්ල මගින් සඳහන් කර ඇත. ටික කලක සිට පෙම්වතා තමන් මගහැර සිටීම නිසා තමන් ඔහුගේ නිවසට සොයා ගිය බවත් එම අවස්ථාවලදී පෙම්වතා සහ මව එක්ව තමාට බැණ වැදී පලවා හැරගත් බවත් ඇය සඳහන් කර ඇත.

මැය පසුගිය දිනකද පෙම්වතා හමුවීමට ඔහුගේ නිවසට ගිය බවත් එදින ඔහුගේ කාමරයට ගෙන ගොස් තමාගේ කොණ්ඩය කපා දැමූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා ඇත.

මේ සම්බන්ධයෙන් රක්වාන පොලිසිය සිදුකළ විමර්ශනයේ වාර්තාවක් සමග සැකකරු ඊයේ රක්වාන සංචාරක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබිණි.

-Aruna

More from GossipMore posts in Gossip »