Press "Enter" to skip to content

විහිළු තහළුව දුරදිග යයි… පෙම්පලහිලව්වක් නිසා කොස්තාපල්වරියක් දියරයක් බීලා… පෙම්වන්ත කොස්තාපල් බැනගෙන බැන ගිහින්… ගල්කිස්ස පොලීසිය යටතේ පාලනය වන පොලීසියක කාලගෝට්ටියක්…

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලන වන පොලිස් ස්ථානයක රාජකාරි කරන කොස්තාපල්වරියක පොලිස් ස්ථානය තුළ දීම කිසියම් දියර වර්ගයක් පානය කිරීම නිසා රෝගාතුරව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම පොලිස් කොස්තාපල්වරිය එම පොලිස් ස්ථානයේම පොලිස් කොස්තාපල්වරයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

කොස්තාපල්වරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා යන බව කියන කොස්තාපල්වරයා ඔහු සමඟ රාජකාරි කරන තවත් තවත් පොලිස් නිලධාරියකු සමග විහිළු තහළු කරගෙන ඇතැයි පොලිසියට දැනගැනීමට ලැබී ඇතැයි කියති

මෙම විහිළු තහළු කරගැනීමට පොලිස් කොස්තාපල්වරිය ද සම්බන්ධ වීමෙන් පසු ඇය ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන කොස්තාපල්වරයා අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි ද ලැබී ඇති තොරතුරු වලින් පැවසෙන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය

මෙම බහින්බස් වීමෙන් පසු සිත් වේදනාවට පත් වූයේ යැයි පැවසෙන කොස්තාපල්වරිය දියර වර්ගයක් පානය කිරීමෙන් පසු රෝගාතුර වී කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද ලදැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

More from GossipMore posts in Gossip »