Press "Enter" to skip to content

ස්මාර්ට් දුරකථනයට මව සමඟ රණ්ඩු වී දැරිය ‌ගෙදරින් පැනලා ගිහින්… මව පොලීසි ගිහින්… රැයක් ගත කරලා දැරිය පසුදා නිවසට එයි..

ගෝනගංආර පොලිස් වසමට අයත් 16 කණුව රජමාවත පදිංචිව 15 හැවිරිදි දැරියක් ස්මාර්ට් ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් මව සමඟ අමනාප වී නිවසෙන් අතුරුදන්ව ඇත.

දැරියගේ මව විසින් දැරිය අතුරුදන්ව ඇති බවට ගෝනගංආර පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ. මෙම දැරිය නිවසෙන් පිටව ගොස් අසල වන ලැහැබක රාත්‍රිය ගතකොට පසුදින නිවසට පැමිණ ඇති බව පොලීසිය පවසයි. දැරියට කිසිදු හිරිහැරයක් සිදුවී නොමැති බව අනාවරණය වී ඇත.

ගෝනගංආර පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

-Divaina

More from GossipMore posts in Gossip »