Press "Enter" to skip to content

තරුණියක් නාන අයුරු ෆෝන් එකෙන් වීඩියෝ කරලා… කෙල්ල බය වෙච්චි පාර #$&^* කෑ ගහගෙන දුවලා….

ළිදක දිය නාමින් සිටි තරුණියක් අනවසරයෙන් වීඩියෝ කරමින් සිටි යාපනය කෝපායි ප්‍රදේශයේ තරුණයෙකු දින දාහතරක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම තරුණයා වෙණුවෙන් පෙනී සිටි නීතිඥයා ඇප ඉල්ලූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළ නමුත් ඇපයක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් එදින තරුණයා වෙණුවෙන් ඉදිරිපත් නො වුණු බව සඳහන්.

මේ හේතුවෙන් සැකකරු ව රිමාන්ඩ් භාරයට පත් කළ බව යි වාර්තා වන්නේ.

මෙම තරුණයා කෝපායි ප්‍රදේශයට නුදුරු ගමක තරුණයෙකු වන අතර, ඔහු මහමඟ යමින් සිටිය දී තරුණියක් දිය නාමින් සිටිනු දැය ඇය ව සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබෙනවා.

සිද්ධිය දුටු තරුණිය කෑ ගැසීමට පටන් ගැනීම නිසා ඇගේ ඥාතීන් පිරිසක් පැමිණ තරුණයා ව අල්ලා කෝපායි පොලීසියට බාර දී තිබෙන බව වාර්තා වනවා.

කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති.

-hiru

More from GossipMore posts in Gossip »