Press "Enter" to skip to content

උඹ හොද පාවිච්චි කරන්න විතරයි… කසාද බදින්න බැහැ.. අම්මලා දැක්කොත් බයවෙයි… දුටු ගමන් ඇති වුන ආදරයෙන් අන්ධ වුන තරුණිය සල්ලාලයෙකුට ගොදුරු වූ හැටි..

ලස්සන කියන්නෙ කළු සුදු විතරද ?
නැත්තම් කෙට්ටු අය විතරද ?
කොහොම වුණත් ඒක තමිය ලෝක ස්භාවය..
කළු අයට ආදරේ අයිති නෑ කියනවා.
එයාලව මේ ලෝකෙන් කොන් වෙනවා.

මේ කතාවත් ඒ විදිහේ කතාවක්…
හිත රිදෙන, අවුල් සහගත කතාවක්….

ලංකාවේ තරුණ කෙල්ලෙක් ඇත්තටම
මුහුණ දුන්න සිද්ධියක්..
විශ්වාස කරන්න.. මේක ඇත්තම කතාවක්…

“මම කළුම කළුයි. ඒ කියන්නෙ ස්කූල් කාලේ
ඉඳන්ම කළුයි… මගේ ලිප්ස් ගොඩක් කළුයි..
ඒ නිසාම තොල්බරියා වගේ වචනවලින්
කොල්ලො මට විහිලු කළා. සමහර කෙල්ලො
කළුච්චි කියලා කිව්වේ. ගොඩක් වෙලාවට
මාව හැම තැනින්ම රිජෙක්ට් වුණා..
ටීම් වර්ක් වලදී තමා ඒක ගොඩක් ෆීල් වුණේ..”

“මට මාර තනියක් දැණුනා. හිතට අවුලක් දැණුනා.
සමහර වෙලාවට ස්කූල් කාලේ දී
සූසයිඩ් කරගන්න තැනටම වගේ ආවා.
ඒක එච්චරටම ලොකු වේදනාවක්..
පස්සෙ මම එක එක ට්‍රීට්මන්ට් පවා කළා සුදුවෙන්න.
ඒත් ඒවායින් වුණේ තව තවත් මාව කලු වෙන එක..”

“පස්සෙ මාත් එක්ක එක අයියා කෙනෙක් ගොඩක්
ෆිට් වුණා. එයා තමයි මුලින්ම මම ලස්සනයි කිව්වේ.
එයා ට ගොඩක් කිට්ටු වුණා මම. එයාව නැතුවම
බැරි තැනට ආවා. අපි ආදරේ කරන්න ගත්තා.
සීමා මායිම් නැතුවම.. උසස් පෙළ ඉවරවෙලා
අපි ෆිල්ම් බලන්න ගියා.. අන්තිමට…
අපි දෙන්නා රූම් පවා ගියා….”

“එදා තමා මුලින්ම මගේ පිරිසිදු කම මම
කොල්ලෙක්ට දුන්නේ. එයා ඒකෙන් පස්සෙ
ගොඩක් මාව තුරුළ් කරන් හිටියත් පස්සෙ පස්සෙ
ටික ටික වෙනස් වුණා. මගෙන් ඈත් වුණා.
ඒ කියන්නෙ එයාට ඕනි දේ මගෙන් වුණානේ..
මාව එයා නැති කළානේ. දැන් එයාට මාව ඕනි නෑ.
ඒකයි ඇත්ත…”

“තව දවසක් මම ඉල්ලුවා මාව බලන්න එන්න.
එදත් අපි රූම් ගියා. පැය ගාණක් එයා
මාව පොඩි කරලා යන්න හැදුවාම
මම බදාගෙන කිව්වා වෙනස්කම් කරන්න එපා,
මට ඔයාව මැරි කරන්න ඕනි කියලා..
එතකොට එයා කිව්ව දේ දන්නවද?
මට බඳින්න බෑ.. මේ වැඩේ නම් ඕකේ කිව්වා.
මගේ මූණ දැක්කොත් අම්මලා අකැමැති වෙයි කිව්වා..
මට ඇඬුණා… මම අතට අහුවුණු ගවුම
පොරෝගෙන එළියට ආවා.. ඒ ආවෙත් සිහි විකල්
වෙච්ච ගෑනියෙක් වගේ…”

“මම ඇඬුවා. පස්සෙ දවසකත් එයා යාලුවෙක්
එක්ක ඉද්දි මම වැඳ වැටුණා ළඟට ගිහින්..
මම ඕනිමයි කියද්දි.. උඹව යූස් කළා විතරයි කියලා,
ඌ යාලුවා එක්ක මට හිනාවුණා..
මගේ ජීවිතේ මම කඩා වැටුණේ එදා..
එදා මම තීරණය කළා මගේ ජීවිතේ විනාශ කරපු ඌට
පාඩමක් උගන්නන්න… මම දන්න කියන
හැම ක්‍රීම් ජාතියම උලලා මූණ වෙනස් කරගත්තා..”

“ඒ කොල්ලා පස්සෙ මැරි කළා වෙන කෙනෙක්ව.
ඒත් ඒ කසාදෙත් වැඩි කාලයක් තිබුණේ නෑ..
මම අදටත් ඌ ට වෛර කරන් නෑ…
ඒ මොකද ඌ නිසයි මම අද මෙහෙම ලස්සන වුණේ…
දැන් මට කිසිම දුකක් නෑ..”

hiru gossip

More from GossipMore posts in Gossip »