නිදන ඇඳේ කොට්ටය යට තිබූ උපත් පාලන කොපුවෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමිය ප්‍රදේශයකින් වාර්තාවේ.
මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා යෝජිත විවාහයක් සිදුකරගත් තරුණ යුවළක් සිටියහ. සැමියා නිවුණු ගතිපැවතුම් ඇති කඩවසම් අයෙකු වූ අතර බිරිඳ කෙලිලොල් හැඩකාරියක වූවාය.
මව්පියන් විසින් ඉදිකර දෙනු ලැබූ නව නිවසක නව යුවළ ජීවත් වූ අතර සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් කළ බැවින් නිවසට පැමිණියේ සති දෙකකට වරක් පමණි. දියණිය දීගයන විට දායාද ලෙස ස්කූටරයක් දීමට ද තරුණ බිරිඳගේ මව්පියෝ කටයුතු කළහ.
ස්කූටරයේ නැගී ගමන් යන තරුණ මනමාලිය දෙස ගමේ බොහෝ දෙනාගේ අවධානයද යොමු විය. පුංචි පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වූ විට තරුණ සැමියාට බිරිඳගේ සහ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩිපුර වැඩ කිරීමට සිදුවිය. මාසයකට වරක් පමණක් දින කිපයකට නිවසට එන සැමියා නැවත අගනුවර බලා යන්නේය.
ගෙදර අඩු පාඩු සපුරා ගැනීමට නගරයට යන එන තරුණ බිරිඳ නගරයේදී හඳුනාගත් තරුණයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේ සැමියාගේ දෙමව්පියන්ටද නොදැනෙන ලෙසය. කාලය ගතව යද්දී ලේලිය පිළිබඳව ඇතිවූ සැකය පිළිබඳව පුතාට පැවසීමට මව්පියෝ තීරණය කළහ. මව්පියන් සැලකළ ආරංචියට කලබල නොවී මිතුරකු හා සාකච්ඡා කොට බිරිඳගේ හොරය අල්ලා ගැනීමට සැමියා සැලසුම් කළේය.
තරුණ බිරිඳ සොයා බොහෝ දිනවල රාත්‍රියට ඇයගේ නිවසට එන පෙම්වතා උදේ පාන්දරින්ම පිටව යාමට ද අමතක නොකළේය. සැමියා ගමේ පැමිණ ගිය දිනට ආසන්න දිනයක පැමිණීමට ඔහු නිතරම කටයුතු කළ බව පැවසේ.
එලෙස පැමිණ යන පෙම්වතා කාන්තාවට සැලකිය යුතු මුදලක් ලබාදීම ද සිදුකළේය. අධික වැසි සහිත දිනයක පෙම්වතා පැමිණි අතර එදින එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා ඔහුට ගමන පහසු විය. කාන්තාවගේ නිවස ආසන්නයේ තැනක යතුරුපැදිය ගාල්කර අඳුරේම නිවසට රිංගාගත් ඔහු කාන්තාව සමග පෙම්සුව විඳිමින් සිටින විට සැමියා පැමිණ දොරට ගසා කතා කළේය. කිසිවක් සිතා ගැනීමට නොහැකිව තරුණයා පසු පස දොරෙන් පැන ගිය අතර බිරිඳ දිව ගොස් ඉදිරිපස දොර විවෘත කර සැමියා ගෙට ගත්තාය. විදුලි පන්දම් එළියෙන් නිවස සෝදිසි කරද්දී කුස්සියේ දොර අගුළු දමා වසා නොමැති බව සැමියා දුටුවේය. කලබල නොවූ සැමියා කිසිවක් නොදුටු ලෙස රැය පහන් කළේය.
පැයක් දෙකක් වැඩිපුර නින්ද ගිය සැමියා අවදී වී නිදා සිටි ඇඳ නැවත සැකසීමේදී කොට්ටය යට තිබී උපත් පාලන කොපුවක් හමුවිය. එය පරීක්ෂා කිරීමේදී ඒය භාවිතා කල එකක් බව තහවුරු විය. කුඩා දරුවා මහගෙදර නතර කළ තරුණ සැමියා බිරිඳ යතුරුපැදියේ නංවාගෙන ගොස් නීතියේ පිහිට පැතුවේය.
කොට්ටය යට තිබී හමුවූ උපත් පාලන කොපුව සිය අනියම් පෙම්වතාගේ බව පිළිගනිමින් බිරිඳ සමාව ඉල්ලා හඬා වැටුණාය. අනියම් පෙම්වතාද කැඳවූ පොලිස් නිලධාරීහු ඔහුගෙන්ද කරුණු විමසූහ. කාන්තාවගේ නිවසින් පැන යද්දී එය ගලවා කොට්ටය යට සැගවූ බව ඔහු පැවසීමත් සමග පැමිණිලි විභාගය සිනා සාගරයක් වූයේය.
තිදෙනාටම තදින් අවවාද කර සිද්ධිය සමථයකට පත්කළ අතර බිරිඳ සහ සැමියා නිවස බලා පිටත්ව ගිය අතර තරුණයා පිළිබඳ කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවූ අතර තරුණයා ප්‍රදේශය හැර ගොස් ඇති බවද පැවසේ.






