Press "Enter" to skip to content

අද වයස අවුරුදු 29ක කාන්තාවකගේ එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කළා.. අවදානමත් එක්ක මැරෙන්න පුළුවන්.. මේ සියලු දේවල් දුන්නේ නැත්තේ අපිට කම්මැලිකමකට නෙවෙයි.. දොස්තර පාලිතගේ අනාවරණයත් සමඟ මුහුණු පොත ඇවිලෙයි…

පස්සර අනතුරත් සමඟ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත වෛද්‍ය පාලිත රාජපක්ෂ අවස්ථා ගණනකදී රෝගීන් වෙනුවෙන් කැපවුණු, ජීවිත බේරාගත් අපේ කාලයේ ජීවකයෙක්.

එසේම, කොරෝනා තදින්ම පහර දුන් කාලවලත් මෙම වෛද්‍යවරයා අතිශය මානුෂික මෙහෙවරක නියැලුණා.

පසුගිය දිනෙක ඔහු මෙවැනි සටහනක් ඔහුගේ මුහුණු පොතට එක් කර තිබුණා.

දවල් අන තුරකින් මියගිය ..
රෝගියාගේ රුධිරයෙන්
පෙගුනු දෙපා…
හොදගන්නත් කලින් ..
යන්න වෙලා..
විනය පරීක්ෂණයට..
නැති බෙහෙත් ..
නැහැයි කිව්වාට..
ඉතිං කාට කියන්නද???
මේක ශ්‍රී ලංකාව
අපි බලමු ..

මෙම සටහනත් යම් ආන්දෝලනයට තුඩු දුන්නා වගේම මෙවැනිම අත්දැකීම් ඇති වෛද්‍යවරුන් මෙසේ අනාවරණය කිරීම් කර තිබුණා.

එවැනි සටහනක් පහතින්…

මෙය හොදින් කියවන්න.වරක් නොව දෙවරක් කියවන්න.

මා රජයේ රෝහලක නිර්ව්න්දන අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමි.

⁣අද වයස අවුරුදු 29ක කාන්තාවකගේ පියයුරැ පිලිකාවක් නිසා අප එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කලා.බොහොම අමාරැවෙන් තිබුන බෙහෙත් හරිම පරිස්සමෙන්.

⁣එවැනි ශල්‍යකර්මයකින් පසු සාමාන්‍යයෙන් රෝගියාට මුත්‍රා බටයක් දමන නමුත් එම රෝගියාට අප මුත්‍රා බටයක් දැම්මේ නැහැ.

ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව සඳහා ගුද මාර්ගයෙන් ඇතුලත් කරන diclofenac නැමැති ඖෂධය සාමාන්‍යයෙන් දෙන නමුත් මෙම රෝගියාට එය දැම්මෙත් නැහැ.

ශල්‍යකර්මය සිදුකළ සිදුකළ ස්ථානයට plaine marcaine නැමැති ඖෂධය වේදනාව අඩු වීම සඳහා විදින නමුත් එම රෝගියාට එය දුන්නේත් නැහැ.

මේ සියලු දේවල් දුන්නේ නැත්තේ අපිට කම්මැලිකමකට නෙවෙයි.ඔය එකක්වත් රෝහලේ නෑ.බොරැනම් රෝහලකට ගිහින් බලන්න .

දැන් ඔය රෝගියා මුත්‍රා පෙරාගෙන කැක්කුමත් ඉවසගෙන වාට්ටුවේ ඉන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි කැක්කුම නිසා එන නියුමෝනියා අවදානම,විෂබීජ ශරීරගතවීමේ අවධානමත් එක්ක රෝගියා මැරෙන්න වුනත් පුළුවන්.
මෙන්න රටේ තත්වය.

ඔබ තවත් බලා සිටින්නේ ඔබනග් මව,පියා,බිරිදට ,දරැවන්ට මේ ඉරනම අත්වෙනකන්ද?

D Janapriya De Silva

Published in Gossip and Health