Press "Enter" to skip to content

ඒ අක්කව මිනී තියන කාමරේට එක්කන් ගිහින් මිනී වල කටවල් ඇරලා කන්න දීලා. විශ්වාස කරන්න, ඒ අක්කට එයාගෙ ජීවිතේම නැතිවුණා..” – නවක වදය ගැන අදාහගත නොහැකි කතාවක් මෙන්න

නවක වදය ගැන විවිධ කතාන්දර අපිට කාලෙන් කාලෙට අහන්න දකින්න ලැබෙනවා.

මේ තියෙන්නෙත් මුහුණු පොතෙන් අපිට හමුවුණු ඒ විදිහේ කතාන්දරයක්..

මම එක වසරෙදි වගේ අපේ ගමේ උන සිද්දියක් මේක. මම ඉපදුනේ, පහ වසර වෙනකන් ඉස්කෝලේ ගියේ සෙවනගල කියන ගමේ. දැන් වගේ නෙවෙයි, පට්ටම දුෂ්කරයි, මිනිස්සු අන්ත දුප්පත්. උක්ගස්, කෙසෙල්, වී වෙනුවෙන් මහපොළොව එක්කම පොරබදපු මිනිස්සු හිටියේ. ඒ ගමේ ඒ කාලෙ එක අක්ක කෙනෙක් වෛද්‍ය විද්‍යාලයට තේරුනා. ඒ ගමේ ඒ කාලෙ ඒ වගේ දෙයක් ඇත්තටම හීනයක්….

මේ අක්ක වෛද්‍ය විද්‍යාලයට ගියා. රැග් එකේදි, මිනී තියන කාමරේට ගිහින් මිනී වල කටවල් ඇරල සීනි බෝල දාන්න දීලා. සමහරවිට වෛද්‍යවරයෙක් වෙනකොට මිනී ගැන තියන බය අරින්න එහෙම කරන එක හරි ඇති. නමුත් ඒක එක පාරට කරල බෑනෙ. ඒක ටික ටික කරන්න ක්‍රමයක් තියෙනවනෙ. මේ විදියට සීනිබෝල දානකොට, මිනියක් වගේ නිදන් හිටපු සීනියර් කෙනෙක් සීනිබෝල දාන්න ලඟට එනකොට කට ඇරලා…. වෛද්‍ය විද්යාල ගමන, වෛද්‍යවරියක් වීමේ සිහිනය එතනින් ඉවර එක කමක් නෑ කියමු. තාමත් ඒ අක්ක ගමේ ඉන්නවා. විශ්වාස කරන්න, තාමත් ඒ අක්කට පිස්සු.. එයාට එයාගෙ ජීවිතේම නැති උනා

More from GossipMore posts in Gossip »