Press "Enter" to skip to content

දින 6ක් දැරිය රදවා තබාගෙන… නව වසර උදා වූ දා ආගිය අතක් නෑ කියූ 15 හැවිරිදි දැරිය තරුණයකු එක්ක කාමරයක…

නව වසර උදාවු දින පහලොස් හැවිරිදි දැරියක් ආගිය අතක් නොමැති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමේදී දින හයකට පසු තරුණයෙකු සමඟ කාමරයක සිටියදී සොයාගත් බව පින්වත්ත පොලිසිය පවසයි.

පහලොස් හැවිරිදි දැරිය රැගෙන ගොස් රදවා තබාගැනීම සම්බන්ධයෙන් තරුණයාද අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

සැකකාර තරුණයා දැරියව පානදුර,මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නැන්දාගේ නිවසේ රදවාගෙන සිටීයදී සොයාගත් බව පොලිසිය කීය.දැරිය අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට යොමුකිරීම සඳහා රෝහල් ගතකර ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

සැකකාර තරුණයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

  • Dinamina
More from GossipMore posts in Gossip »