ගම්පහ තම්මිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක කාන්තාවකට අත් බෝම්බයක් පෙන්වා,
මරණ තර්ජන එල්ල කර අමානුෂික ලෙස දූෂණයට ලක්කළ පුද්ගලයකු අත්බෝම්බයක් ද සමගින් ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කන්තලේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියකු වන අතර, දැඩි ලෙස ගංජා පානයට ඇබ්බැහි වූවකු බව පොලිසිය පවසයි.
සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන බවත්, මේ අයුරින්ම වයස අවුරුදු 60 හා 62 කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කන්තලේ අධිකරණය හමුවේ නඩු දෙකක් විභාග වන බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති (පො.ප) මාලින්ද කුමාර, (උ.පො.ප) සමීර ලක්‍ෂාන්, (පො.සැ.) රොෂාන් 12839, ප්‍රේමලාල් 32795, (පො.කො.) මාලින්ද 39627, (කා.පො.කො) දිසානායක 2929 හා (පො.කො.රී) ජයසිංහ 80951 යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
-Divaina






