Press "Enter" to skip to content

ජීවිත 8ක් අහිමි කළ දික්කසාද නඩුව

තම බිරිඳ දික්කසාද නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මුළු පවුලම ඝාතනය කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇත.

42 හැවිරිදි මයිකල් හේට් නම් මෙම සැකකරු බිරිඳට, බිරිඳගේ මවට සහ ඔහුගේ දරුවන් පස් දෙනාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරව ඔහුද සියදිවි හානි කර ගෙන ඇතැයි යුටා පොලිසිය ප්‍රකාශ කර තිබේ.

දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනකු ගැහැණු ළමුන් බවත් දෙදෙනකු පිරිමි ළමුන් බවත් ඔවුන් වයස අවුරුදු 4 ත් 17 ත් අතර වයස් සිමාවේ පසුවූ අය බවත් යුටා පොලිසිය සඳහන් කර ඇත.

ඉකුත් 21 වැනිදා සැකකරුගේ බිරිඳ ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර මෙම ඝාතන වලට හේතුව වී ඇත්තේද එය බව පෙනෙන්නට තිබෙන බව යුටා පොලිසිය පෙන්වා දී තිබේ.

More from GossipMore posts in Gossip »