Press "Enter" to skip to content

ඊයා… චික් විතරක්…. අම්මෝ…. අන්න එහෙමයි කියන්න සිද්ද වුනේ.. මිනුවන්ගොඩට කාන්තාවන්ට විසිල් ගසා නිරුවත පෙන්වන තරුණයා මාට්ටු… අහවල් එක පෙන්නුවාට රු. ලක්ෂ 3ක ***

මහා මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට විසිල් ගසා නිරුවත පෙන්නු සැකකරුව එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 03 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගිහාන් අයේස් දිල්ෂාන් නමැති සැකකරුවට මෙසේ ඇපමත මුදාහැරුණි.

සැකකරු ඔහුගේ නිවස ආසන්නයේ නිරුවතින් සිට මහා මාර්ගයේ ගමන් කරමින් සිටින කාන්තාවන්ට කටින් විසිල් එකක් ගසා ඔහු සිටින දෙසට කාන්තාවන්ගේ අවධානය යොමු කරවාගෙන නිරුවත පෙන්වා ඇති බව අධිකරණයේදී සඳහන් විය.

ප්‍රදේශයේ පදිංචිකාරියන් තිදෙනකු අවස්ථා තුනකදී කළ පැමිණිලි මත මිනුවන්ගොඩ පොලිසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් සුදත් නන්දසිරි (38099) පැමිණිල්ල මෙහෙය විය.

-දිවයින

More from GossipMore posts in Gossip »