Press "Enter" to skip to content

දවසේ ආදායම 120,000යි.. ඇතුළුවීම 1500යි.. අනම්මනම් කරගන්න 5000යි… නුවර විශ්‍රාමික රජයේ සේවකයන් වැඩියෙන් සැප ගන්න ස්ථානය වටලයි…

මහනුවර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අනවසර සම්බාහන ස්ථාන (ස්පා) වැටලීම් මහනුවර පොලිසිය මගින් වේගවත් කර තිබේ.

මහනුවර තන්නේකුඹුර පාරේ දිනකට රුපියල් එක්ලක්ෂ 20,000 පමණ ආදායමක් ලබන අනවසර සම්බාහන මධ්‍යස්ථානයක් මහනුවර පොල්සිය විසින් ඉකුත් සති අන්තයේ දී වටලන ලදී.

මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් කරන ලද එම වැටලීමේ දී තරුණ කතුන් තිදෙනකු සහ සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු බව කියන පුද්ගලයකු ද අත්ඩංගුවට ගෙන තිබේ. විශ්‍රාමික රජයේ සේවකයන් වැඩි වශයෙන් සුවතාවය ලබන බව කියන මෙම අනවසර ස්පා මධ්‍යස්ථානයට අතුළුවීමේ ගාස්තුව වශයෙන් රුපියල් 1500ක් අයකරන අතර සේවා ගාස්තුව රු පියල් 5000ක් අයකරන බවත් විමර්ශනවලදී අනාවරනය වී තිබෙන බව පැවසේ. අත්අඩංගුවට පත් කාන්තාවන් බදුල්ල සහ අනුරාධපුර පදිංච් කාරියන් බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

මෙම වටලීම් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.කේ. රත්නායක මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ අධීක්‍ෂණය යටතේ දූෂණ මර්දන අංශයේ ප්‍රධානි ප්‍ර.පො.පරීක්ෂක තිලක් සමරනායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදුකරන ලදී.

-දිවයින

More from GossipMore posts in Gossip »