හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා නමින් පසුගිය කාලය පුරා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ජ්‍යොතිෂ්‍ය අනාවැකි හා කතරගම දේව පූජා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයා කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ කිසියම් නිවසකදී ‘දේව පූජාවක්‘ කරන්නට ගිය අවස්ථාවක ඇතිවූ ගැටලුකාරී දේ සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ.
සමාජ මාධ්‍යට මුදා හල වීඩියෝව මෙතනින්
මෙම වීඩියෝවේදී වෙදමහතා යයි කියන පුද්ගලයා කාන්තාවකට ලිංගික අතවරයක් කරන්නට දැරූ උත්සාහයක් ගැන එකී කාන්තාව ඔහුට බැණවදින අතර පිරිසට මැදිවූ වෙද මහතා එම චෝදනාවට පිලිතුරු නොසපයා අසරණව සිටින්නේ පිරිස ඔහුට ඇන්දවූ චීත්තයෙනි.
එමෙන්ම පූජාව අතරතුර වෙදමහතා කතරගම දේව ආවේශයෙන් සිය සිරුරට වේවැලකින් තදින් පහර දෙමින් සිටියේ පිරිස රවටමින් බවට වීඩියොවෙන් හෙලි කරන්නේ වෙදමහතාගේ සිරුරේ අත්පා පුරා ගැට ගසා තිබෙන ආරක්ෂිත පෑඩ් කැමරාවට නිරාවරණය කරමිනි.
දේව පූජාව කරන ස්ථානයේ පිරිස සැඟවූ ඌරු මස් කොටසක්ද එළියට ගන්නා අතර ඔවුන් වෙදමහතාගෙන් විමසන්නේ ‘කිලි‘ යයි සම්මත දේවල් කතරගම දෙවියන්ට නොපෙනුනාද යනුවෙනි.
neth gossip






