Press "Enter" to skip to content

මුල්ම දූෂණ සිද්ධිය විඩීයෝ කරලා… වීඩියෝව දර්ශන යහළු යෙහළියන්ට යවනවා කියලා බයකරලා… පේදුරුතුඩුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වසර 2ක් තිස්සේ තරුණියක් දූෂණය කරලා…

යාපනය පේදුරුතුඩුව පොලිසියේ සේවය කරනා දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වසර දෙකක් තිස්සේ පාසල් දැරියක්ව බලහත්කාරයෙන් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මුල්ම වරට එම දැරියව යාපනයේදී පොලිස් කොස්තාපල්වරු දෙදෙනා විසින් බලහත්කාරයෙන් දූෂණය කළ අවස්ථාවේදී දර්ශන පෙළක් වීඩියෝ ගත කොට ඇති අතර දැරියට එම වීඩියෝව පෙන්වා ඇයව බියකොට වසර දෙකක් තිස්සේ ඇයව දූෂණය කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කවරෙකුට හෝ ප්‍රකාශ කළහොත් එම වීඩියෝ දර්ශන ඇය අධ්‍යාපනය ලබන පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත යවන බව කියමින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඇයව බිය වද්දා තිබේ.

කෙසේ වෙතත් මේ වන විට එම වීඩියෝ දර්ශනද යාපනය පොලිසිය වෙත ලැබී ඇති අතර දැරිය මෙම සිද්ධියට මුහුණපාන ලද අවස්ථාවේදී වයස අවුරුදු 16ක් ව සිට ඇති අතර ඇයට මේ වන විට වයස අවුරුදු 18කි.

පසුගිය දිනක එම දැරිය ක්ලාන්ත වී ඇද වැටී ඇති අතර ඇයව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැරිය දැඩි මානසික පීඩාවකින් සිටින බවට වෛද්‍යවරුන්ට දැන ගැනීමට හැකි වී ඇති අතර ඒ පිළිබඳව වැඩි විස්තර විමසූ අවස්ථාවේදී ඇය සිද්ධිය ප්‍රකාශ කොට තිබේ.

යාපනය හා පේදුරුතුඩුව පොලිසි විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා ගෙන යයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

-dinamina

More from GossipMore posts in Gossip »