හදිසි ප්‍රතිකාර ඒකකයට අළුයම ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරීවරයා නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් පුවතක් වාර්තා වෙනවා.
ඒ බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරීවරයා ලෙස සේවය කරන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතායි.
ඔහු තම නිල ෆේස් බුක් ගිණුම තුල සටහනක් තබමින් පවසා තිබුනේ වෛද්‍ය රාජකාරියේ දී අඳින ඇඳුමකින් සැරසීමට ගත වන කාලය ද රෝගියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වැදගත් බැවින් මෙලෙස පැමිණි බවයි.
‘අපේ එක තත්පරයක් කියන්නේ, තවත් කෙනෙක්ගේ ජීවිතයක්, ඇඳුම නෙවෙයි, කන්ණාඩියත් මට අමතක වුණා”
වෛද්‍යවරයා කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී පැමිණ මෙසේ රෝගීන්ට ප්‍රතිකාර කර තිබු අතර එම අවස්ථාවේ රෝහලේ අයකු විසින් ලබාගත් ඡායාරූප ද ලබාගෙන තිබෙනවා.
වෛද්‍යවරයාගේ මුහුණු පොතෙහි ද පළ කර තිබු සටහන පහතින්.











