Press "Enter" to skip to content

හනිමුන් දා මනාලයාට මනාලියගේන් තෙල් කුප්පියක්

සිය මලනුවන් හා නැගනියගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් සිය දිවිය කැපකොට ඔවුන්ට ආවාහ විවාහ කටයුතු ද සිදුකළ ලොකු අයියා කෙනෙකුට කල් ඉකුත් වූ විවාහයේදී සිදුවූ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ වයඹ පළාතේ දුෂ්කර ගම්මානයකිනි.

මේ ලොකු අයියා තම මහගෙදරම තනිව සිටීම නිසා සංවේගයට පත් මව ඔහුට විවාහයක් කරදීමට ගත් උත්සාහයන් සාර්ථක නොවූයේ ඔහුගේ අකමැත්ත නිසාය. එහෙත් මවගේ ඥාති පාර්ශවයේම තමා මෙන් හුදකලාව වෙසෙන කාන්තාවක් හඳුන්වා දුන් මව ඒ බව කී විට එහි ගිය ලොකු පුතාට ඒ ගැන උනන්දුවක් ඇති විය.

නිවසේදීම මංගල්‍ය කටයුතු මහ ඉහළින් සිදුකෙරුණු අතර මල්ලී නගරයේ ඉහළ මට්ටමේ උත්සව ශාලාවක කාමරයක් මධු සමයට සූදානම් කර තිබුණි.

මනාල යුවළ එහි ගියේ සෑම දෙනාගේම ආශිර්වාද මැද මහා සතුටකිනි. ඒත් එහි ගිය මොහොතේ සිට මනාලිය ‘හන්දිපත් රිදෙනවා’කියමින් බේත් ආලේප කිරීම මනාලයාට ගැටලුවක් විය. මෙහි සීමාවක් නොදුටු මනාලයා ඒ ගැන විමසූ විට‘‘අද ඇවිද්ද වැඩියි අනේ. මේකෙන් ටිකක් දනිස්වල ගාන්නැයි’ මැදියම් රැයේ කී විට ඔහු වාත තෙල් කුප්පිය ජනේලයෙන් එළියට විසි කළේ මේ මොන වාතයක් දැයි කියමිනි.

More from GossipMore posts in Gossip »