Press "Enter" to skip to content

අසම්මත පෙමට කපුටෙක් බාල්දියක් දාලා… පොල් කටුවක පිහිටෙන් ගෙට ඇතුළු වෙලා කරපු සියල්ල මාට්ටු…

පොල්කටු සෙල්ලමක් පාදක කොටගත් අසම්මත පෙම් පලහිලව්වක් කපුටකු නිසා විනාශය මුඛයට යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සත්වෝද්‍යානයක් නිසා ප්‍රකට වූ ප්‍රදේශයකිනි.

මෙහි එකට ආසන්න නිවාස වෙන්වූයේ තාප්පයකිනි.

තාප්පය පිටුපස නිවාස දෙක යා කෙරෙන කුඩා ගේට්ටුවක් වුවද නිවාස දෙක අතර වූ සබදතාව බිදවැටීමත් සමග ඊට යතුරු වැටිණ.

එහෙත් මෙහා නිවසේ සිටි මෙහෙකාර තරුණිය එහා නිවසේ වූ කොලු ගැටයකු සමග සිනාවෙන් කතාවෙන් හිත මිතුරු වී රහස් කතාබහ කෙරුණේ මේ ගේට්ටුව අතරිණි.

පසුව මෙය පෙම් සබදතාවක් දක්වා දුරදිග ගිය අතර රහසේ ඉදිරිපස ගේට්ටුවෙන් නිවාස තුළට එකිනෙකා ආවේ, නිවාස දෙකේ හිමිකරුවන්ට හොරෙනි.

නිවාසවල හිමිකරුවන් නැති බව එකිනෙකාට දැන්වූයේ අපූරු සංකේතයකිනි. ඒ තාප්පය මත පොල්කටුවක් තැබීමෙනි. ගෙදර අය සිටින විට පොල්කටුව යට පැත්තටත් නැති විට පොල්කටුව උඩ අතටත් තැබූ විට ඒ සංකේතයෙන් බිය සැක දුරලා නිවාසවලට පැමිණ ඔවුහු හමුවූහ.

පොල්කටුව උඩ අතට තැබූ නිසා පෙම්වතා පෙම්වතිය සොයා ආවත් පෙම්වතියගේ නිවැසියන් ඔහු අල්ලා ගත්තේ සැකයෙනි.

ඔවුන් නිවසේ සිටින නිසා පොල්කටුව යට අතට හරවා තැබූවත් කපුටකු එය උඩු අතට හැරවීම නිසා විනාශය වී ඇති බව ඇය ඔහුට පසු දිනක කීවේ ඇඩූ කදුළෙනි.

-ලංකාදීප

More from GossipMore posts in Gossip »