Press "Enter" to skip to content

මාමට ෆෝන් එකෙන් ආතල් දීලා මිලියන 4කට විදලා.. 61 මාමට වැඩේ මාට්ටු වුනාට පස්සේ කෙළින් වෙලා….

රත්නපුර, බලවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61 පුද්ගලයෙකුගෙන් රක්වාන ප්‍රදේශයේ පුද්ගලයෙක් කාන්තාවක් ලෙස රඟපා විවාහ විමට කැමති බව පවසා අවස්තා කිපයකදී ලක්ෂ 25ක පමණ මුදලක් ලබා ගත් රක්වාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගොඩකවෙල පොලිසිය පවසයි.

පොලිසිය විසින් කළ විමර්ශන අනුව ඉකුත් (21) දින රත්නපුර, පල්ලේබැද්ද, බලවින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් තම ඥාති මාමාගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40කට අසන්න මුදලක් වෙනත් පුද්ගලයෙක් විසින් රවටාගෙන ලබා ගෙන ඇති බවත් පැමිණිලි කිරිමෙන් පසු ගොඩකවෙල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කාණ්ඩායමක් යෙදවීමෙන් පසු මුදල් ලබාගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු විසින් පාපොච්චාරණය කර ඇත්තේ 2018 වසරේදී තමන් ඇතුළු පුද්ගලයෙකු බලවින්න ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක සේවය කිරීමට පැමිණි අවස්ථාවේ 61 හැවිරිදි පුද්ගලයා ගොවිපොළ ආසන්නයේ නිවසක තනිව ජීවත් වී තිබේ.

දෙපිරිස අතර හිතවත් වීමෙන් පසු මට කිවා ඒ අංකල් ‘තමන් තනියෙන් සිටින නිසා මට විවාහ කර ගැනීමට කාන්තාවක් සොයා දෙන ලෙස’ පස්සේ මං අන්කල්ට ෆෝන් නොම්බරයක් දුන්නා මේ ගෑනු කෙනාට කතා කරලා වැඩේ කරගන්න කියලා. අංකල් කිව්වා ඒ ෆෝන් නොම්බරය වැඩ කරන්නනේ නෑ කියලා. පස්සේ අපි රක්වානේ අපේ ගෙදර ගියා. ඒ ගිහිල්ලා මං අංකල්ට කතා කළා ගෑනු කෙනෙක් තකා කරන විදියට. කතා කරලා කිව්වා මාගේ කකුල කැඩිලා නව ලෝක රෝහලේ ඉන්නේ බෙහෙත් කර ගන්න රුපියල් ලක්ෂ 2ක් යනවා කියලා. ලක්ෂ 2ක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. අංකල් කිව්වා හා කියලා. මං ගෑනු කට හඬින් කිව්වා මං ළමයෙක් එවනවා ගොඩකවෙල ටවුමට එයාට සල්ලි දෙන්න කියලා. ඒ කරලා මං ආවා ගොඩකවෙලට ඇවිත් අංකල් දුන්න ලක්ෂ 2 අරන් ගියා. ඒ විදියට ලක්ෂ 2 ගානේ එකළොස් වතාවක් ගත්තා. තවත් රුපියල් 10.000, 20.000, 15.000 ඒ විදයටත් මං අංකල්ගෙන් මුදල් ගත්තා. මට සල්ලි ඕනි වුනාම ගෑනු කෙනා වාගේ කතා කරලා බොරුවක් කියලා සල්ලි ඉල්ලා ගත්තා යැයි සැකකරු විසින් පවසා තිබේ.

මේ අනුව මුදල් ලබා දුන් අයගේ ඥාති පුතා පවසා සිටියේ අංකල් විවාහ වෙලා නෑ තනියම තමයි ජීවත් වුනේ. මං තමයි අංකල් ගැන හොයලා බලන්නේ. වත්තේ ගස් විකුණලා සහ අතේ තිබුණ මුදල් එකතු කරලා බැංකුවක රුපියල් ලක්ෂ හතළිහක් ස්ථාවර ගිණුමක දැම්මා. පසුගිය දිනක ගිණුමට අවුරුදු ගාණක් ගියපු නිසා අංකල්ගෙන් පොත ඉල්ලන් ගිහිල්ලා බැලුවා පොලිය කියක් තියෙනවා ද කියලා. ඒ බලනකොට ගිණ්මේ රුපියල් 5000 විතරයි තිබුණේ. මං අංකල්ගෙන් ඇහුවා සල්ලිවලට මොකද කළේ කියලා. මං වුවමනාවලට ගත්තා කිවිවා. පස්සේ මං ෆෝන් එක චෙක් කරලා බැලුවා රේකෝඩින් එක ඒ වේලාවේ තමයි හොයා ගත්තේ ගෑනු කෙනෙක් කතා කරලා සල්ලි ගන්න බව. ඒ විතරක් නෙවේ පැමිණිල්ල දාපු දවසෙත් ඒ ගෑනු කෙනා කියනවා අද වෙනදා එවන ළමයා එවනවා එයාට රුපියල් 15,000ක් දෙන ලෙස. ඒ අනුව තමයි මං පොලිසියට පැමිණිලි කළේ. දැන් බලන කොට ගෑනි විදියට කතා කරලා තියෙන්නෙත් මේ හොරාම තමයි යැයි කීය.

පොලිසිය විසින් මුදල් දුන් තැනැත්තාගේන කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමන්ට තණියෙන් ජීවත් විය නොහැකි නිසා තමන්ට කාන්තාවක් සොයා ගැනීම සඳහා කාලයක් කපුවන්ට සහ දේවාලවලට ලක්ෂ 2ක් විතර දුන්නා වැඩක් වුණේ නෑ. පස්සේ තමයි මේ කුකුළු ගොවිපොළට ආපු අය හමු වුණේ. මේ අයට දුන්නු මුදල් දුන්නු ඒවා ටිකක් ලියලා තිබුණා. එතන රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් තියෙනවා. ලියන්න බැරිවුණ ඒවා තව ගොඩාක් තිබුණා. කතා කරන්නේ ගෑනු කෙනෙක් නිසා තමයි කකුළ හොඳ වුණාම ඉක්මනට එක්ක එන්න ඕන නිසා මුදල් දුන්නේ යැයි පවසා තිබේ. කෙසේ නමුත් අත්අඩංගුවට ගත් රක්වාන ප්‍රදේශයේ පදිංචි (41) හැවිරිදි පුද්ගලයා පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කීමෙන් පසු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් එන්. සිරිවර්ධන මහතා විසින් ලබන (3) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මැදිරිගිරිය සමුහ – ඩබ්.ඒ. පියතිලක
දිනමිණපොලිසිය විසින් කළ විමර්ශන අනුව ඉකුත් (21) දින රත්නපුර, පල්ලේබැද්ද, බලවින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් තම ඥාති මාමාගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40කට අසන්න මුදලක් වෙනත් පුද්ගලයෙක් විසින් රවටාගෙන ලබා ගෙන ඇති බවත් පැමිණිලි කිරිමෙන් පසු ගොඩකවෙල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කාණ්ඩායමක් යෙදවීමෙන් පසු මුදල් ලබාගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු විසින් පාපොච්චාරණය කර ඇත්තේ 2018 වසරේදී තමන් ඇතුළු පුද්ගලයෙකු බලවින්න ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක සේවය කිරීමට පැමිණි අවස්ථාවේ 61 හැවිරිදි පුද්ගලයා ගොවිපොළ ආසන්නයේ නිවසක තනිව ජීවත් වී තිබේ.

දෙපිරිස අතර හිතවත් වීමෙන් පසු මට කිවා ඒ අංකල් ‘තමන් තනියෙන් සිටින නිසා මට විවාහ කර ගැනීමට කාන්තාවක් සොයා දෙන ලෙස’ පස්සේ මං අන්කල්ට ෆෝන් නොම්බරයක් දුන්නා මේ ගෑනු කෙනාට කතා කරලා වැඩේ කරගන්න කියලා. අංකල් කිව්වා ඒ ෆෝන් නොම්බරය වැඩ කරන්නනේ නෑ කියලා. පස්සේ අපි රක්වානේ අපේ ගෙදර ගියා. ඒ ගිහිල්ලා මං අංකල්ට කතා කළා ගෑනු කෙනෙක් තකා කරන විදියට. කතා කරලා කිව්වා මාගේ කකුල කැඩිලා නව ලෝක රෝහලේ ඉන්නේ බෙහෙත් කර ගන්න රුපියල් ලක්ෂ 2ක් යනවා කියලා. ලක්ෂ 2ක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. අංකල් කිව්වා හා කියලා. මං ගෑනු කට හඬින් කිව්වා මං ළමයෙක් එවනවා ගොඩකවෙල ටවුමට එයාට සල්ලි දෙන්න කියලා. ඒ කරලා මං ආවා ගොඩකවෙලට ඇවිත් අංකල් දුන්න ලක්ෂ 2 අරන් ගියා. ඒ විදියට ලක්ෂ 2 ගානේ එකළොස් වතාවක් ගත්තා. තවත් රුපියල් 10.000, 20.000, 15.000 ඒ විදයටත් මං අංකල්ගෙන් මුදල් ගත්තා. මට සල්ලි ඕනි වුනාම ගෑනු කෙනා වාගේ කතා කරලා බොරුවක් කියලා සල්ලි ඉල්ලා ගත්තා යැයි සැකකරු විසින් පවසා තිබේ.

මේ අනුව මුදල් ලබා දුන් අයගේ ඥාති පුතා පවසා සිටියේ අංකල් විවාහ වෙලා නෑ තනියම තමයි ජීවත් වුනේ. මං තමයි අංකල් ගැන හොයලා බලන්නේ. වත්තේ ගස් විකුණලා සහ අතේ තිබුණ මුදල් එකතු කරලා බැංකුවක රුපියල් ලක්ෂ හතළිහක් ස්ථාවර ගිණුමක දැම්මා. පසුගිය දිනක ගිණුමට අවුරුදු ගාණක් ගියපු නිසා අංකල්ගෙන් පොත ඉල්ලන් ගිහිල්ලා බැලුවා පොලිය කියක් තියෙනවා ද කියලා. ඒ බලනකොට ගිණ්මේ රුපියල් 5000 විතරයි තිබුණේ. මං අංකල්ගෙන් ඇහුවා සල්ලිවලට මොකද කළේ කියලා. මං වුවමනාවලට ගත්තා කිවිවා. පස්සේ මං ෆෝන් එක චෙක් කරලා බැලුවා රේකෝඩින් එක ඒ වේලාවේ තමයි හොයා ගත්තේ ගෑනු කෙනෙක් කතා කරලා සල්ලි ගන්න බව. ඒ විතරක් නෙවේ පැමිණිල්ල දාපු දවසෙත් ඒ ගෑනු කෙනා කියනවා අද වෙනදා එවන ළමයා එවනවා එයාට රුපියල් 15,000ක් දෙන ලෙස. ඒ අනුව තමයි මං පොලිසියට පැමිණිලි කළේ. දැන් බලන කොට ගෑනි විදියට කතා කරලා තියෙන්නෙත් මේ හොරාම තමයි යැයි කීය.

පොලිසිය විසින් මුදල් දුන් තැනැත්තාගේන කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමන්ට තණියෙන් ජීවත් විය නොහැකි නිසා තමන්ට කාන්තාවක් සොයා ගැනීම සඳහා කාලයක් කපුවන්ට සහ දේවාලවලට ලක්ෂ 2ක් විතර දුන්නා වැඩක් වුණේ නෑ. පස්සේ තමයි මේ කුකුළු ගොවිපොළට ආපු අය හමු වුණේ. මේ අයට දුන්නු මුදල් දුන්නු ඒවා ටිකක් ලියලා තිබුණා. එතන රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් තියෙනවා. ලියන්න බැරිවුණ ඒවා තව ගොඩාක් තිබුණා. කතා කරන්නේ ගෑනු කෙනෙක් නිසා තමයි කකුළ හොඳ වුණාම ඉක්මනට එක්ක එන්න ඕන නිසා මුදල් දුන්නේ යැයි පවසා තිබේ. කෙසේ නමුත් අත්අඩංගුවට ගත් රක්වාන ප්‍රදේශයේ පදිංචි (41) හැවිරිදි පුද්ගලයා පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කීමෙන් පසු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් එන්. සිරිවර්ධන මහතා විසින් ලබන (3) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

දිනමිණ

More from GossipMore posts in Gossip »