Press "Enter" to skip to content

ගමක් කම්පා කළ සුරූපී තරුණියගේ ඝාතනයේ සුළමුල පෙම්වතා වමාරයි

“සර්… මම ආවේ පොලිසියට භාරවෙන්න..”
“මම මිනීමරුවෙක් සර්. මාව අච්චු කරන්න. මම මැරුවේ මගේ ගෑනිව. මේ තියෙන්නෙ ඒකිට හළපු පෙට්‍රල් කෑන් එක. මෙන්න ගිනිපෙට්ටිය. සර්ලා මාව ඇතුළට දාන්න. ඒත් මට තවත් වැඩක් තියෙනවා..”

“මට දුකක් තියෙනවාද කියලා වෙන්නැති සර් අහන්නේ..?”
“අපෝ නෑ සර්.. කිසි දුකක් නෑ. ඒකිව එහෙම අතෑරපු එක ගැනයි දුක..”

මිනිහා පාපොච්චාරණය පටන් ගත්තා.
ඒ බිහිසුණු කතාවේ අකුරුක්වත් වෙනස් නොකර
‘ ගොසිප්’ පාඨක ඔබට අපි කියනවා.

පරිස්සමින් කියවන්න..

“සර් මම ඒකි එක්ක යාලුවෙද්දිත් ඒකි වටේම කොල්ලො තියාගෙන හිටියා. ඒත් මම හිතුවා මා එක්ක යාලුවුණාම ඒකි යහමඟට ගන්න පුළුවන් කියලා. ඒකි පොරොන්දු වුණා හැම ජරා වැඩක්ම අතෑරලා මාත් එක්ක ඉන්න. මම කළේ ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් එකක්. ඉතින් ගමෙන් පිට යනවා හැමදාම. කෙල්ලව බැන්ඳේ නෑ හැබැයි අපි එක ගෙදර හිටියා. මොකද ඒකිව ගෙදරිනුත් එළවලා තිබුණේ..”

“පස්සෙ පස්සෙ මට ආරංචි වුණා ගෑනි ආයෙමත් පරණ විදිහට පිට යන්න අරන් කියලා. මම හොරෙ අල්ලන්න දවස් ගාණක් දත කෑවා. අපේ ගමේ හිටියා රශ්මික කියලා එකෙක්. ඌ ආමි එකෙන් පැනලා ආපු එකෙක්. ඌ එක්ක තමා ගෑනි සෙට් වෙලා ඉන්නවා කිව්වේ. මම දවසක් දෙකක් ගමෙන් නොයා හිටියේ ඒක අතටම අහුකරගන්න. පස්සෙ මට අහුවුණා. එදා මම දැක්කා උගේ ගෙදරට මගේ ගෑනි රිංගනවා…”

“මම උන්ගේ රංගනේ බැලුවේ වහළ උඩින්. පස්සෙ මම තීරණයක් ගත්තා උන්ට කෙළවන්න. පෙට්‍රල් කෑන් එකකුත් අරගෙන එදා ගියේ. සර් දන්නවද මගේ කෙල්ල ඌට කොඳුරලා කියපු දේ…. මගේ ඉන්න එකාට වඩා ඔයා මාව සතුටු කරනවා කිව්වා. සර් මම ඒ වචනෙටයි ඒකිගෙන් පළිගත්තේ. වෙන කිසිම දෙයක් නෑ. මම හැමදාම ඒකිට සල්ලි එව්වා. ආස දේවල් අරන් දුන්නා. කිසිම දේකින් අඩුවක් කළේ නෑ. එහෙව් ගෑනි අරම දෙයක් කිව්වම මගේ ඉවසීමේ සීමා නැතුව ගියා..”

“මම හැලුවා පෙට්‍රල් කෑන් එකම. ගිනි ගැහුවා උන් නිදන් ඉද්දිම.. ගෑනි මැරුණා. අරූ බේරුණා. හැබැයි මං ඌව අතරින් නෑ සර්.. මොකක් හරි පිනකට ඌ බේරුණේ..”

More from GossipMore posts in Gossip »