Press "Enter" to skip to content

වාහන අයිතිකරුවරුන්ට වැදගත් ආරංචියක්… වාරික නොගෙව්වොත් වාහන ගන්න හැටි පොලිස්පති කියයි

කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිතව පියවර ගත යුතු යැයි පොලිස්පතිවරයා නිකුත් කළ නව චක්‍රලේඛයක සඳහන් වේ.

වාහන කොල්ලකෑම, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීති ක්‍රියාමර්ග ගත යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

කල් බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීමක් පිළිබඳව අයිතිකරු ඉදිරිපත් කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබෙන බව ද මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව ද අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගත යුතු බව ද එහි සඳහන් වේ.

More from GossipMore posts in Gossip »