Press "Enter" to skip to content

මේ ඉන්නේ මගේ අම්මා තමයි… අම්මා අපිට මහ ලැජ්ජාවක් කළේ… ඒ නිසා දේහය බාරගන්න මට බැහැ… මවගේ දේහය දියණියට බාර ගන්න බෑ කියයි

තම පවුල හැරගොස් වසර ගණනක් අනියම් සැමියකු සමග වාසය කරමින් සිටියදී මියගිය මවගේ මෘතදේහය භාරගැනීමට නොහැකි බව පවසමින් රෝහලෙන් පිටව ගිය දියණියක් සම්බන්ධයෙන් පුවතක් හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වේ.

මේ අතර මියගිය කාන්තාව මිය යාමෙන් පසුව භාරකරු ලෙස තොරතුරු ලබා දී තිබූ අනියම් සැමියා ද ව්‍යාජ ලිපිනයක් දී ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි .

මේ හේතුවෙන් මියගිය කාන්තාවගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නොහැකිව ඉකුත් 23 දා සිට රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පැවසේ.

කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම කාන්තාව ඉකුත් 20 දා නො 94, කිරිගම්පමුණුව ,පොල්ගස්ඕවිට යන ලිපිනය යටතේ, ඇයගේ සැමියා බව පැවසෙන පුද්ගලයකු විසින් හෝමාගම මූලික රෝහලට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූණි .

පසුව භාරකරු බව පැවසෙන මෙම පුද්ගලයා අවස්ථා කිහිපයකදී රෝහලට පැමිණ කාන්තාවගේ සුවදුක් විමසා ගොස් ඇති අතර ඉකුත් 23 දා එම කාන්තාව මිය යාමත් සමග ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

ඒ අනුව ලබාදී තිබු ඉහත ලිපිනය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයා හරහා විමර්ශනයක් කිරීමේදී එම ලිපිනය ව්‍යාජ එකක් බවත් එම යුවළ තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

ඒ අනුව භාරකරු සොයා ගැනීමට නොහැකි නිසා මියගිය කාන්තාවගේ දියණියක් රෝහලට කැදවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට දේහය භාර ගන්නා ලෙස දැනුම් දුන්නද ඇය පවසා ඇත්තේ

“මේ ඉන්නේ මගේ අම්මා තමයි. ඒයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම දැන් විවාහ වෙලා වෙනම ඉන්නේ. අම්මා අපිව අතෑරලා වෙනත් කසාදයක් කරගෙන හිටියේ. එයා අපි ගැන බැලුවෙ නෑ. අපිට මහ ලැජ්ජාවක් කළේ. ඒ නිසා දේහය බාරගන්න මට බැහැ. ඒ මනුස්සයටම දේහය බාර දෙන්න” යැයි පවසා දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කොට රෝහලින් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ව්‍යාජ ලිපිනයක් දී පලාගොස් සැඟව සිටින භාරකරු සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වති.

-අද

More from GossipMore posts in Gossip »