“නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාලු කන්නෙත් නැහැ”
“එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්”
“විශේෂ දවසක් එයි. ලඟදී කියලා සැලසුමක් නැහැ”
ජනප්‍රිය නළුවෙක් හා අධ්යක්ෂවරයකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ රටම දන්න කෙනෙක්. හිරු ටී.වී නිවේදිකාවක් ලෙස කටයුතු කරන ඇය ගැන පසුගියදා බොහෝ දෙනා කතාකරන්න ගත්තා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමගයි. කෙසේ වෙතත් මේ සියළු කතා ගැන ඇය සති අන්ත පුවත්පතකට තොරතුරු පවසා තිබුණා. එම සටහන පහතින්
මේ දවස්වල මාධවී කාර්යයබහුල වෙලා වගේ නේද?
ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යයබහුලයි. මම වැඩිපුරම කාර්යයබහුල වෙන්න කැමති නැහැ. මටම කියලා තනියෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නැහැ. මම දැන් බාහිර කතිකාචාර්යවරයක් විදිහට වැඩකරනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලක. මගේ පස්චාත් උපාධියේ වැඩත් කරනවා. හිරු ටීවී එකේ නිවේදන කටයුතුත් කරනවා. රංගන කටයුතුත් කරනවා. ජිම් යනවා. ඒ වගේම මම උයන්නත් කැමතියි. ඒක මගේ විනෝදාංශයත් වෙලා තියෙන්නේ.
අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද?
නාටයය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයේදී මොහොතකට හරි මට තව කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සුව්ශේෂිත්වයටත් මම ආසයි.
අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් සම්බන්ධ වෙන්නේ?
එහෙම සීමාවක් නැහැ. වෙනත් අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙක් එක්කම මම වැඩකරලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. අප්පච්චිගේ වැඩවල විතරක් ඉන්නවා කියලා නැහැ. නමත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන්නම් මට ඒ චරිතය ගැලපෙනවානම් මම ඒ චරිත තෝරාගන්නවා.
දැන් එහෙම තොර බේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවාද?
ඔව් දැන් කලින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙනවා. ගුණාත්මකභාවයෙන් වැඩි තරුණඅය කරන නිර්මාණ අපි දකිනවා. මම දෙයක් තොරගනිද්දි මම කියන්නේ තනි කෙනෙක් නෙමෙයි. මාධවී වත්සලා ඇන්තනී කියන කෙනා , ජැක්සක් ඇන්තනී , කුමාරි මුණසිංහ , සජිත අනුත්තර , අඛිල ධනුද්දර කියන පවුලම නියෝජනය කරනවා. නමුත් මට අනන්‍ය වෙච්ච හැඩයක් තියෙනවා. නිර්මාණයකට සම්බන්ධ වෙද්දි මට පවුලේ අනිත් අය ගැනත් හිතන්න වෙනවා.
අප්පච්චි මාධවීට සීමා පණවලා තියෙනවද?
නැහැ. අප්පච්චි කවදාවත් මට සීමා පණවලා නැහැ. නිර්මාණයකට මම කැමතිනම් මට චරිතය කරන්න පුළුවන් කමක් තියෙනවානම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිරකරලා , සීමා කරලා හදලා නැහැ.
මල්ලිලා දෙන්නම වේදිකවේ ඉන්නවා. මාධවීට වේදිකාවට එන්න අදහසක් නැද්ද?
හරිම ආසයි. අඛිල , සපුමල් අයියා මට ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයට මට කතාකළා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසා එයට සම්බන්ධ වෙන්න බැරිවුණා. දයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණයක අලුත් නිෂ්පාධයකටත් මට කතාකළා. ඒකටත් මට කාලය දෙන්න බැරිවුණා. වේදිකාවට මම ගොඩක් කැමතියි. ඒ සජීවි බවට මම මාරම කෑදරයි. ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී හරි වේදිකාවට සම්බන්ධ වෙන්න ලැබෙන්න කියලා.
මාධවී හඳුනගත්තේ ජැක්සන් ඇන්තනීගේ දුව විදිහට. මාධවීගේ තාත්තා ජැක්සන් ඇන්තනී කියන යුගයක් තාම ඇවිත් නැහැ නේද?
අප්පච්චි මහා රුක්ෂයක්. අප්පච්චිව අභිබවා යන්න ඕන කියලා ඉලකකයක් මට නැහැ. මගේ වපසරිය තුළ හොඳින් ක්‍රියාකරන්න තිබුණානම් මට ඒ ඇති. මම තනිව ගොඩනගාගත් ප්‍රතිරූපයක් තියෙනවා. ජැක්සන් ඇන්තනී මගේ අප්පච්චි කියලා හඳුන්වන පිරසක් ඇති. නමුත් හැමෝම එහෙම හඳුන්වනවා කියන එක මට අදාළ නැහැ. මට එහෙම ලොකු මහන්තත්ත කමක් නැහැ. මම බලන්නේ මම කරනදේ උපරිමයෙන් කරන්න. අප්පච්චිගේ දුව මම කියලා අහන්න මම සතුටුයි. ඒ වගේම ආඩම්බරයි.
මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරඟයක් නැද්ද?
නැහැ. හේතුව අපි තුන්දෙනා තුන්විදියක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටපු පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන්දෙනාටම හොඳට සිංදු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරඟයක් නැහැ.
මාධවීගේ ගායනයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද?
මගේ ගීතයක් කළා නමුත් ඒකේ වැඩකටයුතු කිහිපයක් ඉතිරිවෙලා තියෙනවා. අනෙක් වැඩකටයුතු නිසා ඒකේ වැඩටිකත් නතරවෙලා තියෙනවා. මගේ ස්ටාර් එකත් ගායනය කියලා ගොඩක් අය කියලා තියෙනවා. මම මුලින්ම ජනප්‍රිය වුණේ හපන් පැදුරෙන්. ඒකේ ගායිකාවක් විදිහටයි මගේ ගමන පටන්ගත්තේ. ගායනය තමයි ආරම්භය. මම ගායනයට වැඩ කරනවා මදි. මගේ අධ්‍යාපන කටයුතුයි . කථිකාචාර්යවරියක් ලෙස ඉටුකරන කටයුතුයි එක්ක මට ගායන කටයුතුවලට බර දෙන්න කාලය මදි. කොහොමහරි හැමදේම සමබර කරගෙන ගායන කටයුතුවලටත් සම්බන්ධවෙනවා.
පසුගිය කාලයේ මාධවීගෙයි නාමල් රාජපක්ෂගෙයි ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරිසැරුවා.
ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් ගැහුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවො එක්ක ඕනතරම් ෆොටෝ දාලා තියෙනවා. මට හිතාගන්න බැහැ එයාගෙයි මගෙයි ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා.
ඇත්තටම නාමල් එක්ක මාධවිගේ යාළුකමට එහා ගිය විශේෂ සම්බන්ධයක් නැද්ද?
එයා මගේ හොඳ යහළුවෙක්. තව මට හොඳ යහළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැතිවෙනවා. ඒක ඔය දේශපාලන උවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවනම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතාහදලා ඉවරයක් නැතිවෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක් ඒක කාටවත් වැඩක් නැහැ.
එතකොට මේ පැතිරෙන කතා බොරුද?
ඔව්. නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොනතරම් හාසයජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාලු කන්නෙත් නැහැ. එයා පාටිවලට ගියාම බොන්නේ ගීන් ටී. අපි බොන්නෙත් ගීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තියෙන්නේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.
එහෙනම් මාධවී දැන් කාගේ හෝ පෙම්වතියක්ද?
මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චිගේ පෙම්වතිය මම. මගේ මල්ලිලා දෙන්නගේ ආදරය මම ලබනවා. ආදරය නැතුව ජීවත් වෙන්න බැහැ. ආදරය කියන එක ජීවිතයට අවශයයි. ආදරය නැත්තම් මිනිස්සු වේලිලා යනවා. මම ජීවිතයේ මුහුණ දුන්න හැම සිද්දියක්ම සහ පසුකරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබලා. අද යම්තැනක ඉන්නවානම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත්කරවන්නේ.
මාධවීගේ ජීවිතයේ සුවිශේෂී දවසක් ලඟදීම උදාවෙයිද?
විශේෂ දවසක් එයි. ලඟදී කියලා සැලසුමක් නැහැ. එැවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
hiru gossip










