Press "Enter" to skip to content

14 හැවිරිදි දැරියක් පවුලක්ම එකතු වී දූෂණය කරලා

කළුතර දකුණ පොලිසිය විසින් වයස අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු සහ සොහොයුරියක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 15, 16 යන වියයන්හි පසුවන සොහොයුරන් දෙදෙනකු සහ වයස අවුරුදු විසි දෙකක් වන ඔවුන්ගේ සොහොයුරිය ද ඇතුළත්.

අපයෝජනයට ලක් වූ 14 හැවිරිදි බාල වයස්කාර දැරියගේ පියා පවුල අතහැර ගොස් ඇති අතර ඇය තම මව සහ අත්තම්මා සමග ජීවත්ව සිටි නිවසේ දැරියගේ මාමගේ පවුලේ සාමාජිකයන් ද පදිංචිව සිට තිබේ.

වැඩිහිටියන් නිවසේ නොමැති අවස්ථාවේදී වයස අවුරුදු 15ක් සහ 16ක් වන සහෝදරයන් දෙදෙනා දැරියව බියගන්වා කිහිප වරක් දූෂණය කර තිබෙනවා.

මෙය ඉවසා දරාගත නොහැකි තැන දැරිය මේ පිළිබඳව වැඩිමහල් සහෝදරිය ට පැවසූ පසු බාලවයස්කාර දැරිය දියනා නැවත නිවසට පැමිණි අවස්ථාවක ඇය විසින්ද දැරිය අපයෝජන වී තිබෙනවා.

14 හැවිරිදි දැරියට ගමගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු සමග යම් ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති අතර නිවසේදී වන අතවර ඉවසා දරාගත නොහැක තැන තමාව රැගෙන යන ලෙස ඇය සිය පෙම්වතා ගෙන් ආයාචනා කර තිබුණා.

ඒ අනුව ඇයව පෙම්වතාගේ නිවසට රැගෙන ගිය අවස්ථාවේදී ඔහුගේ දෙමව්පියන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ ඉන් අනතුරුවයි.

14 හැවිරිදි දැරිය පොලිසියේදි කල කතාව මෙතනින්

More from GossipMore posts in Gossip »