තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ඉල්ලා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයකු වූ ඇත්කඳුරේ සුමනසාර හිමිට විරුද්ධව විහාරස්ථානයේ දායකයකු පැවැරූ නඩුවක වීඩියෝ සාක්ෂි සිකුරාදා (23වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.
කඩුවෙල දිසා අධිකරණයේ මෙම දායකයා විසින් බිරිඳගෙන් දික්කසාදය ගැනීමට පැවැරූ නඩුවක සම විත්තිකරු කරමින් ඇත්කඳුරේ හිමියන්ට විරුද්ධව මෙම නඩුව පවරා ඇත.
තම බිරිය නිවාස දෙකක රඳවා තබා ගනිමින් ඇත්කඳුරේ හිමියන් ගතකරන ජීවිතය ගැන රහසිගතව ලබාගත් වීඩියෝ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු පියවර ගෙන ඇත.
මෙම හිමියන් සාර්ථක පවුල් ජීවිත ගතකරන ආකාරය පිළිබඳව රූපවාහිනි වැඩසටහන්වලින් උපදෙස් දෙන හිමිනමක් බවද කියයි.
–






