Press "Enter" to skip to content

සිසුන්ට දිව දාන්න කියලා විදුහල්පතිනිය දුන් අමානුෂික දඩුවම…

පාසලේදී මේසය මත විසිරෙන අයුරින් දිවා ආහාරය ගත් සිසුන් පිරිසකට එම බත් ඇට දිවෙන් ඉවත් කිරීමේ දඬුවමක් ලබාදුන් අයුරු දැක්වෙන දර්ශන පෙළක් රූපවාහිනී මාධ්‍ය ආයතනයක් වෙත ලැබී තිබේ.

මීට සති තුනකට ඉහතදී මෙම අමානුෂික දඬුවම සිසුන්ට නියම කර තිබුණේ මාතර දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරියක විසිනි.

විදුහල්පතිවරියගේ මෙම ක්‍රියාකලාපය පාසලේ සිටි වෙනත් අයෙකු විසින් වීඩියෝගත කර ඇත.

සිසුන් ලවා මේස මත විසිරුණු බත් ඇට දිවෙන් ඉවත් කරවීමට විදුහල්පතිවරිය නියෝග කරන ආකාරය එම දර්ශනවල දැක්වේ.

මෙලෙස දඬුවමට ලක්ව තිබුණේ එම පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද දෙරණ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ මෙම සිදුවීමේ පරීක්ෂණ අවසන් වනතුරු අදාළ විදුහල්පතිවරිය වෙත මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී ඇති බවය.

More from GossipMore posts in Gossip »