Press "Enter" to skip to content

ඒක කෆීර් එකක් වගේ උඩින් ගියේ… ආචාර්යවරයෙකු මුහුදේ පැදවූ මෝටර් රථය…. දකුණේ ජනතාව පුදුමයට පත්වෙයි… වීඩියෝ සහිතයි

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද(18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

අනතුරින් කම්පනයට පත්ව ඇති 50 හැවිරිදි ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

දෙවිනුවර දෙස සිට මාතරට එන අතරතුරදී මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී තිබුණි.

කෙසේ වෙතත් ඒ අවට සිටි පිරිස එක්ව රියදුරු අසුනේ සිටි ඔහු බේරා ගෙන ගොඩට රැගෙන එන ලදි.

අනතුරට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණය වී නොමැත.

මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රේමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

More from GossipMore posts in Gossip »