ටීචර් කෙනෙක් අතවර කරලලූ කොල්ලෙකුට…
සැටියේ වාඩි කරගෙන මූණ ඉඹිනකොට
ළමයාගේ පුංචි අම්මා දැකලා..
ඒක පරණ නිවුස් එකක්.. ඒ පරණ නිවුස් එකත් එක්ක
තව පරණ නිවුස් ගොඩකුත් එකාපාරම එළියට එනවා..
මීට කලිනුත් අවුරුදු 15ක කොල්ලෙක්ව
එයාගේ ටීචර් හෝටල් කාමර ගාණේ එක්කන් ගිහින්
තියෙනවා…
හැබැයි ටීච කිව්වේ නම් එයා තනි අතින්
අත්පුඩි ගැහුවේ නෑ කියලයි..
කොහොමත් කොල්ලා බාල නිසා
ටීචර්ට වැඩ වරදින්න තියෙන ඉඩ වැඩී…
මේක කොළඹ ප්‍රසිද්ධ ඉස්කොලෙක කාලෙකට
කලින් වෙච්ච සිද්ධියක්..
ඒ ඉස්කෝලෙ හිටියා ඉංග්‍රීසි ටීච කෙනෙක්.
සාමාන්‍යයෙන් කොහොමත් ඉංග්‍රීසි උගන්වන
ටීචර්ලා හරි ලස්සනයිනේ.
මෙයා තමයි ස්ටාෆ් එකේ ලස්සනම ටීච…
ඒ ටීචර් දවසක් ස්ටාෆ් රූම් එකට ආවා
කොල්ලෙක් ලියපු ලියුමකුත් අරගෙන.
ගෑනිගේ රතු කට්ට පැනලා.. මූණ රතුවෙලා..
මළම පැනලා…
ලියුමේ තිබ්බේ අමුතුම දේවල් ටිකක්.
ලියලා තිබ්බේ 9 හෝ 10 වසර කොල්ලෙක්.
ටීචර්… ටීචගේ බතික් සාරියට තමා මම ආසම.
ඒක සුවඳයි ගොඩාක්.. ටීච මට වැඩියෙන් ආදරේ නිසා
කොල්ලො මා එක්ක ඉරිසියයි.
මට හිතේ තියෙන දේවල් මගේ හැඟීම් ටීච එක්ක
කියන්න ආසයි.
මට නින්ද යන්නෙ නෑ. ටීචව ගොඩක් මතක් වෙනවා.
ඇත්තටම ටීච මොන දෙයක් කළාද දන් නෑ,
මට ටීච නැතුව මාර පාලුවක් තනිකමක් දැනෙන්නෙ.
මම ටීචට ගොඩක් ආදරෙයි.
අනේ ටීච.. හෙට එද්දි ගොඩක් සුවඳ වෙලා එන්න..
මාව ගොඩක් ළඟට කතා කරලා තියාගන්න..
ඔන්න ඔය වගේ ලියුමක්..
අර ගෑනිට ඉතින් මළ පනින එක සාධාරණයි.
ඇත්තම කතාව ටීච ඒ කොල්ලට කිට්ටු වෙලා තියෙන්නෙ
උගේ ගෙදර ප්‍රශ්න නිසා. ඒ කොල්ලගේ තාත්තාත්
අනියම් සීන් එකක් කරනවලූ. ගෙදර රංඩුලු.
ඔන්න ඔය දුක අහලා පිහිට වෙන්න ගිහින් තමා
ටීච මේ අමාරුවේ වැටිලා තියෙන්නෙ.
කොල්ලා ටීචට ලව් කරලා. ඒක මොනා විදිහේ
ආදරයක්ද කියන්න නම් දන්නෙ ඌම තමා..
හැබැයි අපි ඌට දඬුවම් කළේ නෑ.
ගෙන්නලා ටීච ඉස්සරහාම අවවාද කළා.
ඇත්තටම ටීචට වුවමනා වෙලා තිබ්බේ
කොල්ලව යහපත් මනසකින් තියන්න..
ඒක නිසයි ක්ලොස් වෙලා තියෙන්නෙ…
වයසේ වැරැද්ද.. කොල්ලෙක් එහෙම වුණු එක
හොඳ නෑ තමා… පස්සෙ ඉතින් ඒක එහෙම්මම නැතිවෙලා
ගියා.. කොල්ලා ආයෙම ටීච ට ලියුම් තියා
බලන එකත් නැවැත්තුවාලූ.
ටීචත් “දුක අහන ජොබ්” එකෙන් අයින් වෙලා!!
ඔන්න ඔය කතාව පුළුවන් නම් දාපන්..
පොඩ්ඩක් නම් ගම් වෙනස් කරපන්..!!






