මුලින්ම මීඩියා කන්ෆර්න්ස් එකක් තියලා
එක දොස්තර නෝනා කෙනෙක් ඔය කතාව කිව්වා,
දොස්තර මහත්වරුන්ගේ ඇතුළාන්තය ගැන.
ඒ කියන්නෙ හැමෝම නෙවෙයි.
එක්කෙනෙක් දෙන්නෙක්ගේ ලෝකෙට
නොකියන ඇතුළු පැත්ත ගැන…
හැබැයි ඒවා ට ඉතින් ක්‍රියාමාර්ග
ගන්නවා කියන්නෙ බොරු වැඩක්..
අන්තිමට වෙන දේ මම කියන්නද ? අර කෙල්ලගේ
නම කැත වෙනවා, ඒ කෙල්ල වල්, වනචර වෙනවා.
දොස්තර උපාසක වෙනවා.
උසාවි වල ගියත් ඔප්පු කරන්න සාක්ෂි
නැතිවුණොත්.. තවත් අවුල් ජාලයක් වෙනවා.
මේ කතාවත් ඒ වගේ එකක්…
මේක මට කිව්වේ නර්ස් නෝනා කෙනෙක්…
“ඔය දොස්තර මහත්තයගේ නම – – – ක.
මාර වල් ගහක්.. ගෑනියෙක් පේන්න බෑ…
අපේ වුන් විහිලුවට කියන්නෙ ඕකාට ගෑනියෙක් පේන්න බෑ,
ජරා විදිහට හැසිරෙනවා කියලයි.
කොටින්ම සමහර ඇටෙන්ඩස්ලාට පවා
කෝළම් දාගෙන එනවලූ. උන් එයාට කියන්නෙ
කුකුළා කියලා.. මම මෙහේ හොස්පිට්ල් ආපු අලුත
මට එයාගෙන් ගොඩක් දේවල් සිද්ධ වුණා..”
“ඒකට ඇත්තටම මමත් වැරදි.
මම මගෙයි මගේ මහත්තයාගෙයි පෞද්ගලික
ප්‍රශ්න වගයක් කිය කිය හිටියා ඩොක්ට එක්ක.
ඒ කියන්නෙ ඔය ගෙදර කළමනාකරණය කරන්න
බැරුව වෙන රංඩු සරුවල් ගැන. ඕකෙන් ප්‍රයෝජන
අරන් ඩොක්ටර් නිතරම මාව ගෙන්න ගන්න
පටන් ගත්තා.. බොරුවට ගෙදර අවුල හාර අවුස්සන්න ගත්තා..”
“පස්සෙ එයා මට දුක කියන්න පටන් ගත්තා.
එයාගේ ගෙදරත් ප්‍රශ්නලූ. ගෑනි වෙනස්කම් කරනවලූ.
එහෙම කිය කිය මාව පොළඹගන්න හැදුවා.
මාත් ඉතින් බබෙක් නෙවෙයිනේ. පස්සෙ දවසක් දෙකක්
ඇඬුවා මගේ අතින් අල්ලන්… මම එච්චර කෙයා කළේ නෑ..”
“එන්න එන්නම එයා ඕවර් ඇක්ටින්ග් වුණා.
පැටියෝ… ඇඳුම් මාරු කරන්න එපා, දාඩිය පිටින්ම එන්න,
කියලා මිනිහා දොර වහනවා රූම් එකේ..
බලෙන්ම මාව කිස් කරන්න හැදුවා.. අතින් ඇල්ලුවා..
මම අමාරුවෙන් පැන ගත්තේ.
කරන්නම දෙයක් නැති පාර මම මේ වදේ ගැන
තව ඩොක්ටර් කෙනෙක්ට කිව්වා..”
“ඒ බූරුවා වැඩේ වන කළා. අන්තිමට වුණේ
මම වැරදිකාරිය වුණ එක.. මම එහෙන් ආවා..
හොඳටම අඬලා අඬලා ආවේ. ඒ දොස්තරයා
මට රස්සාව එපා කෙරෙව්වා..”
“හැබැයි මම දන්නවා අදටත් මට
ඒ දොස්තරයාට එරෙහිව මුකුත් කරන්න බෑ..!!
මොකද මම තනි අතින් කරන සටනක් වෙනවා ඒක..
කවුරුත් මගේ පිහිටට ආවේ නෑ.. මම තනිවුණා..”






