ඊයේ (12) දින සිට සමාජ මාධ්‍ය පුරා එක්තරා තරුනයෙක් ජනප්‍රියත්වයට පත් වී සිටිනවා. ඔහු නමින් සඳකත් මහගමආරච්ච්. ඔහුගේ පෞද්ගලික යූටියුබ් නාළිකාව හරහා ඔහු විවිධ මත බිඳහෙළමින් ඔහුගේ අදහස් ඉදිරිපත් කරනවා.
පසුගිය සමයේ ජනප්‍රිය වුණු ටියුෂන් පංති ගුරුවරයෙක්ගේ මත අදහස් එකිනෙක සාකච්ඡා කරමින් බිඳහෙලන ඔහුගේ “ආගමික චින්තනය” නම් වන යූටියුබ් වැඩසටහන මේ වනවිට සමාජ මාලාවල ජනප්‍රියයි.
නමුත් ඔහු මේ වන තෙක් ඔහුගේ අනන්‍යතාව හෙලි කර නැහැ. ඔහු කාගේ කවුද යන්න හෙලි කරන නැහැ. ඔහු සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙක්ගේ පුතෙක් බව ඔබ දන්නවාද?
ඔහු මෙරට සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය රැසක් අධ්‍යක්ෂනය කළ ජයන්ත චන්ද්‍රසිරිගේ පුතෙක්.
මේ පිළිබඳව හිරු ගොසිප් සිනමා අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගෙන් කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළා.
පහත දැක්වෙන්නේ ඔහුගේ ඡායාරූප සහ ඔහුගේ ජනප්‍රිය වුණු වීඩියෝ පටයයි.
-hiru













