Press "Enter" to skip to content

මූ මනුස්සයෙක් වෙන්න බෑ… බීලා ගැහැණු තුන්දෙනෙක් එක්ක කලබ් ගිහින්…. මහ පාරේ රේස් ගිහින්…. අහිංසක මනුස්සයෙක් මරලා පැය 3කින් රටිනුත් පැනලා

පසුගිය 10 වැනිදා ගාලු පාරේ කොල්ලුපිටියේදී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථයේ රියදුරු එදිනම රටින් පලා ගොස් තිබේ.

පොලිසිය විසින් හෙලි කරගෙන ඇත්තේ ඔහු ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බවයි.
මෙම පුද්ගලයා ඩුබායිහි ව්‍යාපාරවල නිරත අයෙකු වන අතර දින කිහිපයක නිවාඩුවක් සදහා මොහු මෙරටට පැමිණ තිබින.

අනතුර වූ දින කාන්තාවන් තිදෙනකු ඇතුලු පස් දෙනකු රාත්‍රි සමාජ ශාලා තුනකින් මත්පැන් පානය කර තවත් මත්පැන් පානය සොයා තරු හෝටලයක් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ අධිකරණයෙන් නියෝගයක් ගෙන ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.

More from GossipMore posts in Gossip »