“කන්‍යා පටලය කැඩුණු වෙලාවේ ඉඳන් මට ලේ ගලන්න ගත්තා.”
“… අතගාන්න ගත්තා ! මගේ ඇඟ හිරිවැටුණා.
මට කරගන්න දෙයක් නැතුව මම එහෙම්මම හිටියා…”
සමහර මිනිසුන්ගේ ජීවිතවල මුල, මැද අග පුදුමයි. අපිට අදහාගන්නත් බැරි විදිහටයි ජීවිතවල මුල මැද සහ අග තීරණය වෙන්නෙ. ජීවිතේ බලාපොරොත්තු නොවිච්ච ආකාරයට වෙනස් වෙච්ච, තවත් ඛේදජනක කතාවක්.
ඒ නිසා හැඟීම් ගනුදෙනුවට කලින් තව පාරක් හිතන්න..
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ “Room No 33” ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 199 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි…..
ඇගේ නම චංචලා…
මේ චංචලා කියන ඇගේ කතාව.
“මම කොළඹ කෙල්ලෙක්.. තාත්තා පොඩි කාලේ නැතිවුණා.. තාත්තා නැතිවුණේ වකුගඩු ලෙඩක් හින්දා කියලයි අම්මා කිව්වේ. ඒත් ආත්තම්මා කිව්වේ ජීවිතේ කළකිරිලා තාත්තා නැතිවුණේ, ඒකට හේතුව අම්මා කියලත් එයා කිව්වා…”
“මට දන්න, තේරෙන වයසෙදීම අම්මා දෙවැනි කසාදෙත් කරගත්තා. බාප්පා රස්සාවක් කළා. එයා බීගෙන ඇවිත් හැමදාම කෑ ගහනවා, රංඩු කරනවා…”
“මම ඕලෙවල් වෙනකන් විතරයි ඉගෙන ගත්තෙ. එහෙම්මම මගේ ඉගැනීම කඩාකප්පල් වුණා. මගේ යාලුවා ලක්මාලි. එයා තමයි මගේ දුකට සැපට හිටියේ. අම්මා කැමති වුණේ නෑ මම රස්සාවක් කරනවට. මම ජීවිතේ විදින්න ඕනි කාලේ මම හරියට දුක් වින්ඳා….”
“දවසක් හවස අම්මා නැතිවෙලාවක මම නිදාගත්තා. බාප්පා මගේ දිහා බලන් ඉන්නවා වගේ මට තේරුණා. දවසක්…. මට නින්ද ගියා. නින්ද ගිය වෙලාවක බාප්පා මගේ කකුලින් අල්ලනවා, අතගානවා වගේ මට දැණුනා…”
“මගේ ඇඟ හිරිවැටුණා. මට කරගන්න දෙයක් නැතුව මම එහෙම්මම හිටියා. මට මේක අම්මට කියන්නත් බෑ. බාප්පාගේ වැරදි මම කියනවට එයා කැමති නෑ. මම ඒ හැමදේම ඉවසගෙන හිටියා…”
“එදා… දවසක්… ඒ තිරිසනා මට කරන්න ඕනේ තිරිසන්ම වැඩේ කළා. අම්මට කිව්වොත් මාව මරනවා කිව්වා. කිසි කෙනෙකුට කියන්න එපා කිව්වා. කන්‍යා පටලය කැඩුණු වෙලාවේ ඉඳන් මට ලේ ගලන්න ගත්තා. අම්මා කිව්වා ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යන්න කියලා. හැබැයි අම්මා කතාව දන්නෙ නෑ….”
“බාප්පා මට ඉන්නම දුන් නෑ. දවසක් කිව්වා, බාප්පාගේ දන්න මහත්තයෙක් ඉන්නවා, එයාව සතුටු කරලා එන්න කියලා. පට්ට සල්ලිකාරයෙක් කිව්වා. බැරිම තැන මම ගියා. පස්සෙ ඒ තිරිසනා මාව ගණිකාවක් කරලමයි නතර කළේ. පස්සෙ එක එක්කෙනාට මාව විකිණුවා….”
“ඒ තිරිසනා කියන විදිහට මට වැඩ කරන්න වුණේ. මගේ ඇඟ දිහා බලලා කියනවා. ඇඟ හැඩයි, සල්ලි උල්පතක් කියලා. මම ගොඩක් දුක් වින්ඳා අයියේ. අම්මා දන් නෑ කිසි දෙයක්. ඒ නිසා හැමදේම ඉවසගෙන හිටියා..”
“අන්තිමට මම පැනලා ආවා. බස් හෝල්ට් එකට ඇවිත් හිටන් හිටියා. මහත්තයෙක් ඇවිත් වාහනේ නතර කළා. මම දෙපාරක් හිතන් නැතුව නැග්ගා. කොළඹ හෝටලයක රස්සාවකට මාව දාලා දුන්නා..”
“අන්තිමට මේක මට පුරුදු රස්සාවක් වුණා. එක එක්කෙනාගේ අතින් අතට ගියා. ඒ හැමදේම අවසානයේ මට වෙන්න ඕනි ඔක්කොම දේ වෙලා ඉවරයි…”
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
චංචලා-ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්…….
-hiru






