Press "Enter" to skip to content

අයියෝ සාමි ගී පද රචකයා කට අරී… SUN TV රූපවාහිනියට කියපු කතාව සිංහලෙන් මෙන්න… ප්‍රවෘත්තියෙන් ‌හෙළිවූ දේ…

යොහානිගේ “මැණිකේ” ගීතයෙන් පසුව නැවතත් මෙරට සංගීතය අන්තර් ජාතික වශයෙන් ජනප්‍රිය වුණේ වින්ඩි ගුණතිලක ගයන “අයියෝ සාමි” දෙමළ ගීතයයි.

ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ දියණිය වන වින්ඩි ගුණතිලක ගයන මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂනය කර ඇත්තේ ඇගේ පෙම්වතා වන ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහ විසින්.

අයියෝ සාමි ගීතය යූටියුබයේ මිලියන 10කට වැඩි පිරිසක් මේ වනවිට නරබා ඇති බව සනුක වික්‍රමසිංහ ඊයේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කරලා තිබුනා.

මේ අතර ඉන්දියාවේ වැඩිම දෙනෙක් නරඹන සුප්‍රසිද්ධ දෙමළ නාළිකාවක් වන Sun TV හී අයියෝ සාමී ගීතය පිළිබඳ පුවතක් විකාශය කරලා තියෙනවා.

ඒ එම ගී පද රචකයා පිළිබදවයි.

මෙම ගීතයෙහි පද රචකයා පොතුවිල් හි වෙසෙන අස්මින් නමැති තරුණයායි.

පොතුවිල් අස්මින් විසින් සන් ටීවී මාධ්‍යයට කළ ප්‍රකාශය මෙසේයි…..

මගෙන් මුලින්ම ඉල්ලුවේ සිංහල ගීතයක් දෙමළට පරිවර්ථනය කරලා දෙන්න කියලා.

මම කිව්වා ඒක පරිවර්ථනය කරන්න බෑ කියලා.

ආදරයෙන් පරාජයට පත්වූ තරුණියකගේ දුක පිළිබද ගීතයක් මම නිර්මාණය කරලා දෙන්නම් කියලා මම කිව්වා.

ඊට ඔවුන් එකග වුණා.

මම සංගීතඥයාවත්, ගායිකාවවත් දැකලා තිබුණේ නැහැ.

මේ ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දෙමළ වචනයක් වත් දන්නේ නැ. ඒ වුනාට ඇය කෙතරම් ලස්සනට ගායනා කරනවා ද බලන්න.

මගේ තවත් අලුත් නිර්මාණ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මේ පොතුවිල් අස්මින් පිළිබදව සන්ටීවී සොයාගත් තොරතුරු…

1997 වසරේදි ගීත රචකයෙක් විදිහට ගමන් ආරම්භ කළ අස්මින් සම්මාන 30කට වැඩි ප්‍රමාණයකින් පිදුම් ලැබූ කලාකරුවෙකි.

එතිනින් නොනැවතුණ අස්මින්, දෙමළ සිනමාවට පා තබා දෙමළ සිනමාවේද ගීත රචකයෙකු ලෙස කටයුතු කළා.

අස්මින් විසින් සුපිරි නළු රජනිකාන්ත් රගන අන්නාත චිත්‍රපටය, අජිත් කුමාර් රගන විශ්වාසම් වැනි ජනප්‍රිය චිත්‍රපට වලට ද ගීත රචනයෙන් සහයෝගය ලබා දී තිබෙනවා.

එපමණක් නොවෙයි විජේ ඇන්ටනී විසින් සංගීතය ලබාදුන් නාන් නමැති චිත්‍රපටයේ තප්පෙල්ලාම් තප්පේ අල්ල ගීතයෙන් ඉතා විශාල ජනප්‍රියත්වය හිමිකර ගෙන තිබෙනවා.

දෙමළ සිනමාවට පමණක් මේ වන විට පොතුවිල් අස්මින් විසින් ගීත 25ක් නිර්මාණය කර තිබෙනවා.

මේ අතර එම පුවතද සනුකගේ ෆේස්බුක් පළ කරලා තිබුණා.

අද සනුකගේ වික්‍රමසිංහගේ උපන්දිනය වීමද විශේෂත්වයක්. මේ සියලු ජයග්‍රහන සහ පැසසුම් සනුකගේ උපන්දිනයට ඔහු ලද තෑගි හැටියට නම් කරන්නත් පුළුවන්.

More from GossipMore posts in Gossip »