Press "Enter" to skip to content

පොලිස් නිලධාරියෙකුගේ බිරිය කොස්තාපල්වරයෙකු හෝටලයකදී බදාගෙන සිප වැළදගෙන… බිරිය අනියම් රාලහාමි ඉල්ලා **** කපාගෙන…

පොලිස් කොස්තාපල්වරයකු සමග අනියම් සම්බන්ධතාවක් පැවැත් වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ බිරිදක් අනියම් සම්බන්ධතාවක් පැවැත් වූ බව කියන කොස්තාපල්වරයා රාජකාරි කරන වාලච්චේන පොලිස් ස්ථානයට පෙරේදා පැමිණ ඔහු තමා සතු කර ගැනීමට අවශ්‍ය බව කියමින් බ්ලේඩ් තලයකින් ගෙල කපාගැනීම හේතුවෙන් වාලච්චේන රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

කලවංචිකුඩි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු එම පොලිස් ස්ථානයේ රාජකාරි කරන කොස්තාපල්වරයකුගේ බිරිදක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි වාලච්චේන පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය.

මේ බව දැනගත් උසස් පොලිස් නිලධාරීන් කොස්තාපල්වරයාගේ බිරිද සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ යයි කියන කොස්තාපල්වරයා වාලච්චේන පොලිස් ස්ථානයට මාරුකර යවා තිබිණි යැයි පොලීසිය සදහන් කරයි.

ස්ථාන මාරුවීම් ලබා පැමිණ සිටි මෙම කොස්තාපල්වරයා වාලච්චේන පොලිස් ස්ථානය අසල පිහිටි හෝටලයකට රාත්‍රී ආහාරය ගැනීමට ඉකුත් 4 වැනිදා ගොස් ඇත.

මෙම කොස්තාපල්වරයා සමග අනියම් සම්බන්ධතාවක් පැවැත් වූ බව කියන කාන්තාව හෝටලයට පැමිණ ඔහු බදාගෙන සිප වැළදගත් බවට සහ ඇයගේ කරදර සිදුවන බවට ඔහු පසුව වාලච්චේන පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත.

මෙම කොස්තාපල්වරයා පහර දුන්නේ යැයි කියමින් සිද්ධිය වූ දිනම රෝහල් ගත වූ මෙම කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව පසුගිය 5 වැනිදා වාලච්චේන පොලිස් ස්ථානයට පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන කොස්තාපල්වරයා තමන් සතු කර ගැනීමට අවශ්‍ය බව පවසා ඇය සගවාගෙන ආ බ්ලේඩ් තලයකින් ගෙල කපාගෙන ඇතැයි ද පොලීසිය කියයි.

වාලච්චේන පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

-LANKADEEPA

More from GossipMore posts in Gossip »