Press "Enter" to skip to content

ලොකුවටම ගහපු කෙනා මිසිං… පොඩියට ගහපු දෙන්නා මාට්ටු…. කොල්ලුපිටියේදි තරුණියකට පහරදුන් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට

කොල්ලුපිටිය ගාලු පාර ඇල්ප්‍රඩ් මාවත ආසන්නයේදී  සුඛෝපභෝගී මොටර් රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරෙකු මිය යාමෙන් අනතුරුව  මෝටර් රථයේ ගමන් ගත් තරුණියකට අමානුෂික පහරදුන් බව කියන කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය  පෞද්ගලික සනීපාරක්ෂක සමාගමක සනීපාරක්ෂක  සේවාවේ යෙදෙන කාන්තාවන් දෙදෙනෙකි.

පෙරේදා අලුයම් කාලයේ  රාත්‍රී සමාජ ශාලාවට ගොස් සිටි පිරිසක් රැගත් සුඛෝපභෝගී මෝටර් රථයක් බම්බලපිටිය හරහා ගාලුපාර ඔස්සේ කොළඹ දෙසට ගමන් කරමින් තිබියදී ඉදිරියෙන් එම දිසාවටම ගමන් කරමින් තිබූ  ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරු එම ස්ථානයේදීම ගොස් තිබූ බව පොලිසිය කියයි.

අනතුරින් පසු මෝටර් රථය පැදවූ බව කියන සමාගම් කළමනාකරුවෙකු මෙන්ම එහි ගමන් ගත් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවක් පලා ගොස් තිබූ අතර එක් තරුණියකට  අනතුර සිදුවූ ස්ථානයේ දීම  සැකකාරියන් දෙදෙනා සහ තවත් තරුණියක් එක්ව මහමග බිම පෙරළාගෙන අමානුෂික අයුරින් පහර දී තිබිණි.

පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය මෙතෙක් හඳුනා ගෙන නැතැයි පොලිසිය කියයි. එසේම අනතුර සිදුවන විට මෝටර් රථය පැදවූ රියදුරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සම්පූර්ණ දර්ශන මෙතනින්…

https://youtu.be/WkCFSP_76OQ
More from GossipMore posts in Gossip »