Press "Enter" to skip to content

එයාගෙන් ඉන්න බැරි පාර මම කැමති වුණා ඒක කරන්න…. දුරකථනයෙන් යාළුකරගත් AL සිසුවා ගෙදර ගිහින් සිසුවිය කෙලෙසලා… එප්පාවල පොලීසිය සිසුවා සොයයි

නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් වට්ස්ඇප් ඔස්සේ හදුනාගෙන ඇගේ නිවසට ගොස් ඇය දූෂණය කර පළාගොස් මගහැර සිටින බව කියන 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව එප්පාවල පොලීසිය පවසයි.

සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට ලබාදුන් ජංගම දුරකථනය භාවිතා කර අධ්‍යාපන කටයුතු සිදුකරන අතරවාරයේදි එම සිසුවා සමග අහඹු ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් මිතුරුකමක් ඇති කරගත් බව දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

මෙම දැරිය සිය මව සමග නිවසේ තනියම ජීවත්ව සිටින අතරතුර, ඇය එම නිවසේදී මෙලෙස දූෂණයට ලක්ව ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

සැකකාර පාසල් සිසුවා හදුනාගෙන මාස අටක් පමණ වන බවත්, ඔහුගේ දැඩි ඉල්ලීම මත සහ තමාගේ කැමැත්ත මත පසුගිය දිනක රාත්‍රී කාලයේ නිවසට පැමිණි සැකකරු සමග ලිංගිකව හැසිරුණු බවත් දැරියගේ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලීසිය කියයි.

එම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකිරීමට නියමිතව ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

More from GossipMore posts in Gossip »