Press "Enter" to skip to content

මධුසමය ගැන කුරිරු මතකය අවදි කරන, ගැහැනියකගේ ඇහැට කඳුළක් උනන කතාව

“මම ඇස් පියාගෙන උන්නා. ආසාවෙන්… භක්තියෙන්….
පිරිසිදු කෙල්ලෙක් විදිහට…”

“එයා හොයපු ……. හම්බුණේ නැහැ”

ඇහැට කඳුළක් උනන කතාව VIDEO

“මේක කියන්න ඕනි වුණත්…… කියන්න බෑ කියලා හිතුණු වාර අනන්තයි.. පස්සෙ මම හිත හදාගත්තා. අම්මා මට ඩිවෝස් වෙන්න කිව්වට පස්සෙත් මගේ මනුස්සකමට මම ආයෙ කල්පනා කෙරුවා…. මට අනුකම්පා හිතුණේ නෑ ඒ මිනිහා ගැන.. එහෙම අනුකම්පා හිතෙන්න තරම් දෙයක් කළේ නැහැ. ඒ මනුස්සයා කරපු ඒ දේ… මේ දැනුත් මගේ හිතේ හොල්මන් කරනවා. එක දිගට…. කඩාගෙන යන රූප ඔක්කොම ඇතුළේ ඉන්නෙ ඒ තිරිසනා…. ඌ මට විරිත්තනවා….”

ඒ ගැහැනියගේ කෙටිපණිවුඩයේ තිබ්බ දිග කතාවක තේරුම….
(හොයන්න අමාරුම දෙයක් වුණත්…. හිතන්න ඇහැකි දිග… ම දිග…. කතාවක්.)

“එදා ඌ කරපු දේ මතක් වෙද්දි මට මේ මොහොතෙත් මැරෙන්න හිතෙනවා. මට මාව මරාගන්න බැරි නිසා ඉවසනවා. මට හිතෙන්නෙ ජීවිතේ අපි හැමෝටම එහෙමයි. ඉවසන්න…. ඉවසන්න… හිතුවත්.. ලෝකෙට බයෙන් ගැහි ගැහි කී දවසක් නම් ඉවසන්න ද ?”

දැන් තමයි ඒ ගැහැනියගේ පුදුමාකාර කතාව පටන් ගන්නෙ.
එකායි…. දෙකායි… තුනායි…!!

“මට අදටත් ඒ දේ අභිරහසක්. මම ගිහාන්ව බැන්ඳේ ප්‍රපෝසල් එකකින්. ඒ වෙනකන් අතින් අල්ලපු, සීමාවේ ඉඳන් ඉඹපු ආදර කතා තුනක් මට තිබුණා. ඒ හැම එකක්ම නැතිවුණා. ඒත් අර වෙන ගෑනු වගේ මහණ වෙන්නයි ජීවිත කාලෙම තනියෙන් ඉන්න හීන තිබුණේ නෑ මට. මට ඕනි වුණා කෝටිපතියෙක් බැඳගෙන අනිත් එකාලට පෙන්නන්න. එහෙමයි ගිහාන්ගේ ප්‍රපෝසල් එකට කැමති වෙන්නෙ. මිනිහා ඉංජිනියර් කෙනෙක්. මම හිතුවා වගේම සල්ලිවලට පීනන එකෙක්. පවුලම කෝටිපතියෝ. පදින්නෙ බෙන්ස් එකක්. ඒ බෙන්ස් එකේම තමයි අපි නුවරඑළියට හනිමූන් ආවේ..”

ඊට පස්සෙ තමයි ඔක්කොම වෙන්නෙ ?
නේද….? නේ……………..ද?

“මම ඇස් පියාගෙන උන්නා. ආසාවෙන්… භක්තියෙන්…. පිරිසිදු කෙල්ලෙක් විදිහට… හරිම ආඩම්බරෙන්.. ඒත් දන්නවද? එයා හොයපු ලේ පැල්ලම එයාට හම්බුණේ නෑ. මොකද්ද හේතුව කියලා මම අදටත් දන්නෙ නෑ. ඒත් සාමාන්‍යයෙන් ඒක ගොඩක් දෙනෙක්ට එහෙමලූ. මම දහ අතේ වැන්ඳත් වැඩක් වුණේ නෑ. මේ තිරිසනා මට ගැහුවා. කම්මුල් සමතලා කළා. කකුල්වලට අතට අහුවෙච්ච යකඩ ගොඩකුත් විසි කළා. මම බෙරිහන් දුන්නා. ටිකකින් අපේ මේ මඟුල් සෙල්ලම හැමෝම දැනගත්තා. ඒ වෙද්දිත් ගිහාන් ටිකක් ඩ්‍රින්ක් එක අරන් හිටියේ. මිනිහා කුනුහරප කිය කිය එතැන දෙවනත් කළා… මට බඩුවක් කිය කිය.. මම ගණිකාවක්.. සල්ලිකාරයෙක් හින්දා එයාව අල්ලගත්තා කිය කිය බෙරිහන් දුන්නා. අන්තිමට…. මාව එළෙව්වා…. බඩට ගහපු පාරවල්වලට එළිවෙකන් මට වමනේ ගියා…”

අන්තිමට…

“මම දවස් හයක් හොස්පිට්ල්… තොල් පුපුරලා… ලේ ගලන්න ඒ මිනිහා ගහලා තිබුණේ. ඇවිදගන්නවත් බැරිවුණා. අම්මලා හැදුවේ පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න. මමයි එපා කිව්වේ. මොකද අයියේ මම දෙයක් දන්නවා. මේ ලෝකෙ සොබාදහම කියලා දෙයක් තියෙනවා. හදවතට එකඟව මම ගිහාන්ට කිව්වේ ඇත්තක්. ඒ ඇත්ත කොහොම ඔප්පු කරන්නද මම දන් නෑ. හැබැයි ඒ තමයි ඇත්ත…… මට මාව විශ්වාසයි. ඒ නිසයි මම නිහඬ වුණේ… ගිහාන් තේරුම් ගනීද නැද්ද කියන්න මම දන් නෑ. කොහොම හරි එයාට හොඳ පිරිසිදු කෙල්ලක් ලැබෙයි නේද… අනේ ඉතින් වාසනාවන්…!! පිරිමි කියන්නෙ මහ තිරිසන් සත්තු ජාතියක්..”

More from GossipMore posts in Gossip »