Press "Enter" to skip to content

2500කට හැමතැනම කරකවලා.. මම බය නෑ සර්.. මූ කතා කළේ ගණිකාවක් විදිහට..ආබාධිත රියදුරෙකුට මහමග දී පහර දීමක්… කාන්තාවක් වහාම ගැටුම මැදට පැන ඔහුව බේර ගනී..

ත්‍රීරෝද රථ කුලී ගාස්තුව නොගෙවූ පුද්ගලයින් දෙදෙනකු විසින් රථයෙහි රියදුරුට පහර දී පලා යාමට උත්සාහ කළ පුවතක් හිරු ප්‍රවෘත්ති වෙත ඊයේ (02) වාර්තා වුණා.

මෙම මගීන් දෙදෙනා රැගත් ත්‍රීරෝද රිය කොට්ටාවෙන් පිටත් ව පැමිණ ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයට වන අතර, පසුව ඔවුන්ව බත්තරමුල්ලට රැගෙන යන ලෙස පැමිණි දෙදෙනා විසින් රියදුරුට දැනුම්දී තිබෙනවා.
ඉන් අනතුරුව බත්තරමුල්ලට ද ගොස් යළිත් එතැනින් කොට්ටාවට රැගෙන යන ලෙසයි මගීන් දෙදෙනා රියදුරුට දැනුම්දී ඇත්තේ.

එම ඉල්ලීම මත යළිත් කොට්ටාවට ගිය ත්‍රීරෝද රථ රියදුරුට මගීන් පවසා ඇත්තේ තමන්ව තලවතුගොඩ සම්පත් බැංකුවට රැගෙන යන ලෙසයි.

ඒ අනුව යළිත් සිය ත්‍රීරෝද රථයෙන් මොවුන්ව රැගෙන තලවතුගොඩට පැමිණි රියදුරුට මගීන් දෙදෙනා විසින් පහර දී ත්‍රීරෝද රථ කුලී මුදල නොගෙවා පලා යාමට උත්සාහ කර තිබෙනවා.

පහරකෑමට ලක් වූ ත්‍රීරෝද රථයෙහි රියදුරු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ මෙවැන්නක්.

”ත්‍රීවීල් හයර් එක 2500ක් සර්. මං කොට්ටාවෙන් මේ අය ගත්තේ. මට කිව්වා තලවතුගොඩට අරන් ‍යන්න කියලා. එතැනට ගෙනාවට පස්සේ කිව්වා බත්තරමුල්ලට යමු කියලා.එතැනටත් ගියා.ඊට පස්සේ කිව්වා ආයෙ කොට්ටාවට අරන් යන්න කියලා. මං ඒකත් කළා. එතැනට ගියහම කිව්වා ආයෙත් තලවතුගොඩ සම්පත් බැංකුව ළඟට ගෙනියන්න කියලා. එතැනට ආවට පස්සේ මගේ කොණ්ඩෙන් අල්ලගෙන මට හොඳටම ගැහුවා සර්. පස්සේ මේ ගෑනු එක්කෙනා දැකලා තමයි මාව බේරගත්තේ…”

කෙසේවෙතත්, මෙම පුද්ගලියින් දෙදෙනා ත්‍රීරෝද රථ රියදුරුට පහර දෙන අවස්ථාවේදී, බැංකුවට පැමිණ එළියට එමින් සිටි කාන්තාවක් එය දැක ඇති අතර, ඇය විසින් එම රියදුරුව බේරාගෙන, ප්‍රදේශවාසීන්ගේ සහායෙන් පහරදුන් පුද්ගලයින් දෙදෙනාව පොලිසියට භාරදීමට කටයුතු කෙරුණා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පාදයේ ආබාධිත තත්ත්වයෙන් පසුවන ත්‍රීරෝද රථ රියදුරෙක් වන අතර ප්‍රදේශවාසීන් පැවසුවේ, එම සැකකරුවන් බීමත්ව සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර, තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

-hiru

More from GossipMore posts in Gossip »