Press "Enter" to skip to content

මොනතරම් නරක දේවල් සිදු වුණත්, අවසානයේ හිරු පායනවා… දැනෙන්න ඕන අයට චාමික රිදෙන්නෙම දෙයි….

පසුගියදා පැවැති ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වන අතරවාරයේදී ඕස්ට්‍රේලියාවේ කැසිනෝ සමාජ ශාලාවකදී ඇති කරගත් රණ්ඩුවක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ගැන සමාජයේ අන්දෝලනාත්මක කතාබහක් ඇති වුණා.

දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම නිසා පසුගියදා මෙරට පැවති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගවලියටත් චාමිකට සහභාගි වන්නට ලැබුණේ නැහැ.

නමුත් කොතරම් ප්‍රශ්න ගැටළු තිබුනද චාමික තවමත් සමාජ මාධ්‍යවල නම් අතිශය ජනප්‍රියයි. විශේෂයෙන් ගෑණු ලමයි අතර.

චාමික පසුගියදා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඔහුගේ ඡායාරූපයක් පල කරමින් සටහනක් පළ කරලා තිබුනා. එම සටහන ඔහු පළ කර ඇත්තේ පසුගිය කාලයේදී ජීවිතයේ වුණු විවිධ හැලහැප්පීම් නිසා විය හැකියි.

පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප….

“මොනතරම් නරක දේවල් සිදු වුවද, අවසානයේ හිරු පායනු ඇත. ඔබ ඔබේ ඉලක්ක ලුහුබැඳ ඇත්නම්. අවසානයේදී යහපත් මිනිසුන්ට යහපත් දේ සිදුවේ. තම අරමුණු මත තබාගෙන සිටින පුද්ගලයෙකුට යහපත් දේ සිදුවනු ඇත. සෑම කෙනෙකුම විපත්ති සමඟ කටයුතු කරයි, එය ඔබ එයින් ආපසු එන ආකාරයයි පෙන්වනු ඇත…”

-hirugossip