Press "Enter" to skip to content

17හැවිරිදි සිසුවෙකු මෝටර් රථයක සිර වී ජිවිතයෙන් සමුගනී…. පිළියන්දලම කම්පාවට පත් කළ මරණය…

නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරවූ පාසල් සිසුවෙකු මියගිය පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ ජය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි වියේ පසු වූ සිසුවෙකි.

එම අවස්ථාවේ සිසුවාගේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවත් එදින සිසුවාගේ නිවුන් සොහොයුරා සමඟ ඔහුගේ මව ජයවර්ධනපුර රෝහලට පැමිණ ඇත.

වැඩිමල් සොහොයුරිය සහ පියා රැකියාව වෙත ගොස් ඇති අතර සිසුවාගේ මිතුරෙකු නිවසට පැමිණ සිසුවා නොමැති බව දැනගැනීමත් සමඟ ඒ පිළිබඳව දුරකථනයෙන් සිසුවාගේ පියාට දැනුම්දී ඇත.

නිවසේ ඉදිරිපස දොර ඇර රූපවාහිනියද ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් සැක සිතී ඒ පිළිබඳව ඔහුගේ පියාට දැනුම්දුන් බව සිසුවාගේ මිතුරා පවසයි.

ඒ අනුව මියගිය සිසුවාගේ පියා නිවස වෙත පැමිණ ඇති අතර එහිදී කළ සොයාබැලීමකදී නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළ සිරවී සිටි තම දරුවා දැක ඇත.

කෙසේවෙතත් කඩිනමින් දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතත් එහිදී සිසුවා මියගොස් ඇත.

පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

More from GossipMore posts in Gossip »